Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩක මොහොමඞ් වසීම් මහතා පත්කිරීමට පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය පියවර ගෙන තිබේ. මින් පෙර තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළ මිස්බා උල් හක් මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු පමණක් සිදුකරමින් ඊට වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කරමින් පසුගිය ඔක්තෝබර් මාසයේදී එම ධූරයෙන් ඉවත්විය. තේරීම් කමිටු ධූරයෙන් ඉවත්වුවද නව ප්‍රධානියා පත්වන තෙක් මිස්බා මහතා එම ධූරයේ කටයුතු කළේය.
2023 දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා මොහොමඞ් වසීම් මහතාට පත්කර තිබේ. ටෙස්ට් තරග 2 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සංචිත තෝරා ගැනීමට ඔහුගේ පළමු රාජකාරිය වනු ඇත.
“දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමඟ මට ක්‍රීඩා කිරීමට ලැබීම වාසනාවක්. එම ඉගෙනීම් මෙම අභියෝගාත්මක භූමිකාව තුළ ක්‍රියාත්මක කිරීමට මට හැකි වනු ඇතැයි මට විශ්වාසයි” යැයි මොහොමඞ් වසීම් මහතා පැවසීය.
1996 සිට 2000 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 18 ක් සහ එක්දින තරග 25 කදී ඔහු පාකිස්තානය නියෝජනය කර ඇත.
“පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත උදෙසා ප්‍රධාන තේරීම්කරුවෙකු ලෙස මම සෑම විටම දැඩි තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සහ නායක බාබර් අසාම් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට මම උත්සාහ කරනවා” යයිද මොහොමඞ් වසීම් මහතා පැවසීය.
පාකිස්තානයේ හිටපු කඩුලු රකින්නෙකු වූ සලීම් යූසුෆ් මහතා ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස නම් කර තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.