Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු කියති. කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ජෛව ආරක්ෂිත තත්වයන් යටතේ මෙම තරගාවලිය සංවිධානය කරන බවද ඔව්හු කියති.
කොරෝනා වසංගතය අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වූ පළමු රට බවට එංගලන්තය පත්විය. බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ එංගලන්තයේ ක්‍රීඩා කළහ. ක්‍රීඩකයන් නිතිපතා පරීක්ෂණයකට භාජනය වූ අතර ක්‍රීඩාංගනයේදී සහ හෝටලයේදී ඔවුන්ට ආරක්‍ෂිත බුබුලෙන් ඉවත් වීමට ඉඩ නොලැබිණ.
කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂා වීමේ කටයුතු සම්බන්ධයෙන් එංගලන්තය සමඟ සාකච්ඡා කර ඇති අතර සැප්තැම්බර් 30 වනදා සිට ආරම්භ වන දේශීය විස්සයි 20 තරගාවලියක් සඳහාත් එම පියවර අනුගමනය කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පැවසීය.
“සිම්බාබ්වේ කණ්ඩායම ඔක්තෝබර් 20 පැමිණෙනවා. ජෛව සුරක්ෂිතතා විධිවිධාන පිළිබඳ ප්‍රමාණවත් අත්දැකීම් අපට තිබෙනවා” යැයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂක සකීර් ඛාන් මහතා පැවසීය. එක්දින සහ විස්සයි20 ආකෘති දෙකට මෙන්ම අභ්‍යන්තර සංචිතයේ පුහුණු තරග සඳහාද සිම්බාබ්වේ කණ්ඩායම 32 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ගෙන එනු ඇත.
දින 10 ක නිරෝධායනයකින් පසුව, සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පළමු එක්දින තරඟය ඔක්තෝබර් 30 වැනිදාත්, අනෙක් තරග දෙක නොවැම්බර් 1 සහ 3 යන දිනවලදී මුල්තාන්හිදී පැවැත්වීමට නියමිතව ඇත. තරග තුනම ක්‍රීඩාංගණ අගුළු දමා පැවැත්වේ. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුන නොවැම්බර් 7, 8 සහ 10 යන දිනවල රාවල්පින්ඩි හිදී පැවැත්වේ.
පාකිස්තානයේ කොවිඞ් -19 රෝගීන් ක්‍රමයෙන් පහත වැටී ඇති අතර රජයේ සියලුම අගුලු දැමීමේ පියවර ඉවත් කර ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.