Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර අබු ඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙසට් කි‍්‍රකට් තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නිතර කරන වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන පිල කඩුල්ලක් දැවී ලකුණු 269 ක් ලබා සිටියේය.
දිනය නිමාවන විට අහමඞ් ශෙහෙසාද් නොදැවී ලකුණු 126 ක් සහ අසාර් අලී නොදැවී ලකුණු 46 ක් බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 178 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ මොහොමඞ් හෆීස් සහ අහමඞ් ශෙහෙසාද් සමත්වූහ.
තම ටෙස්ට කි‍්‍රකට් දිවියේ තෙවැනි ශතකය ලබාගත් අහමඞ් ශෙහෙසාද්, ඊට හතරේ පහර 14 ක් අන්තර්ගත කළ අතර මොහොමඞ් හෆීස්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.
කෝරි ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ පාකිස්තාන පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 96 ක් ලබා සිටි මොහොමඞ් හෆීස්, ශතකය පෙනි පෙනී දැවී ගියේය.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පාකිස්තානය - පළමු ඉනිම එක් කඩුල්ලක් දැවී 269
(මොහොමඞ් හෆීස් 96, අහමඞ් ශෙහෙසාද් නොදැවී 126, අසාර් අලී නොදැවී 46)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.