Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 20 කට පසුව ඕස්ටේ‍්‍රලියාව හමුවේ ටෙස්ට් තරගාවලි ජයක් අත්කර ගැනීම නිසා පාකිස්තාන පිලට ඩොලර් එක් ලක්ෂ පනස්දහසකට ආසන්න පාරිතෝෂිකය මුදලක් ගෙවීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 19 ක් ඉක්මවන්නකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති එම ටෙස්ට් තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියාව පරදවා තරග 2-0 ක ජයක් අත්කර ගනිමින් පාකිස්තාන පිල ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
තරගාවලිය ජයග‍්‍රහණය කිරීම මෙන්ම, කී‍්‍රඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා ඇගයීම සඳහා මෙම ත්‍යාග මුදල කී‍්‍රඩකයන් අතර බෙදා දීමට තීරණය කළ බව පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසයි.
පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය නිවේදනයක සඳහන් වන පරිදි එරට කි‍්‍රකට් සභාපති වරයා වන ශාරියාර් ඛාන් මහතා විසින් මෙම මුදල ජයග‍්‍රාහී පාකිස්තාන කණ්ඩායමේ කී‍්‍රඩකයන් සහ කණ්ඩායම් කලමනාකාරීත්වය සඳහා දිරිදීමනාවක් වශයෙන් ගෙවීමට අනුමත කර ඇත.
ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමෙන් පසුව නවසීලන්තය සමග අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන්ද ලකුණු 248 ක ජයක් ලැබීමට පාකිස්තාන පිල සමත්විය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.