Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ තෙවැනි තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන පාකිස්තානු පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 281 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.
දිනය අවසන් වන විට මොහොමඞ් හෆීෂ් (නොදැවී 178) සහ නායක මිස්බා උල් හක් (නොදැවී 38) පන්දුවට පහර දෙමින් සිටියහ.
මොහොමඞ් හෆීෂ් පන්දු 262 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 178 ක් රැස්කරමින් ද්විත්ව ශතකයකට යෑමට සූදානමින් සිටියේය. මෙය හෆීෂ්ගේ හත්වැනි ටෙස්ට් ශතකයයි.
පාකිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන යුනිස් ඛාන් ලකුණු 5 ක් ලබා ඩැනියල් විටෝරිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
ආරම්භක පිතිකරු ශාන් මෂූඞ් ලකුණු 12 ක් ලබා සිටියදී මාක් ක්‍රෙයිග්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
පාකිස්තානු නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
පාකිස්තානු පිල පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 3 ට 281
(මොහොමඞ් හෆීෂ් නොදැවී 178, අෂාර් අලී 39, මිස්බා උල් හක් නොදැවී 38, මාක් ක්‍රෙයිග් 67/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.