Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර සිකුරාදා ඩුබායිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායමට දඩ නියම කෙරිණ. මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 2 ක ජයක් අත්කර ගැනීමට සමත් විය.
මෙම තරගයේදී පාකිස්තානු පිලට නියමිත කාලය තුළ ඔවුන් විසින් යවනු ලැබ තිබුණේ ඕවර 49 ක් පමණි. ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ තරග තීරක ඬේවිඞ් බූන් මහතා පාකිස්තානු පිලට දඩ නියම කළේය.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව මෙවන් වරදක් සමබන්ධයෙන් කී‍්‍රඩකයකුගේ තරග මුදලින් 10% දඩ වශයෙන් නියම කෙරෙන අතර නායකයාගේ දඩය තරග මුදලින් 20% කි.
මේ වන විට තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබෙන අතර තුන්වැනි තරගය හෙට (22 වැනිදා) සාජාහිදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.