Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝශප් බ්ලැටර් මහතා අතින් ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාවේ ප‍්‍රවීනයෝ තිදෙනෙක් දෙසැම්බර් 02 වැනිදා උපහාර ලබති.
කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ දී එදින රාත‍්‍රී 7.00 ට පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 75 වැනි සංවත්සර උත්සවයේ දී එසේ උපහාර ලබන්නේ ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වන පී.ඞී. සිරිසේන, නිමල් වික‍්‍රමතුංග සහ ජී.ඒ.කේ. අබේසේකර යන මහත්වරුන්ය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ අදහසක් අනුව ඔවුන් තිදෙනාට බ්ලැටර් මහතා අතින් උපහාර සම්මාන ප‍්‍රදානය කිරීමට අමතරව රුපියල් ලක්‍ෂ පහක් බැගින් ද පිරිනැමීමට නියමිතය.
රංජිත් රුද්‍රිගු මහතා ‘‘ලංකාදීප’’ යට පැවසුවේ ඔවුන් මෙරට පාපන්දු ක‍්‍රීඩාවට කළ මෙහෙවර අගය කරමින් එම සම්මාන ප‍්‍රදානය කරන බවයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපදේශකවරයෙකු ලෙස දැනට සේවය කරන එහි හිටපු තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයකු ද වන පී.ඞී. සිරිසේන මහතා ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත‍්‍රයේ ඉහළම පිළිගැනීමක් තිබෙන නිලධාරියෙකි.
ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු ද වන සිරිසේන මහතා ක‍්‍රීඩකයෙකු ලෙසත් සුවිශේෂී දක්‍ෂතා දක්වා තිබෙන අතර සුප‍්‍රකට පාපන්දු ක‍්‍රීඩා සමාජයක් වන ‘‘සෝන්ඩර්ස්’’ කණ්ඩායමට ඔහු ක‍්‍රීඩා කළ සමයේ (1960) එෆ්.ඒ. කුසලාන තරගාවලියේ ඔහු වැඩිම ගෝල් ලබමින් දැක් වූ දස්කම තවමත් නොබිඳී පවති.
ඔහුගෙන් පාපන්දු ක‍්‍රීඩාවට ඉටු වූ අනගි සේවයට උපහාර ලෙස මාළිගාවත්ත නාගරික පිටිය පසුව පී.ඞී. සිරිසේන ක‍්‍රීඩාංගණය ලෙස නම් කෙරුණි.
බ්ලැටර් මහතා අතින් උපහාර ලබන ජී.ඒ.කේ අබේසේකර මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම්වරයෙකු, තරග කමිටු සභාපතිවරයෙකු හා ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.
කොළඹ පාපන්දු ලීගයේ අඛණ්ඩව වසර 24 කට අධික කාලයක් ලේකම් ධුරයේ නිතරගයෙන් කටයුතු කිරීමට ද ඔහු සමත් විය. කොළඹ ක‍්‍රීඩා සමාජ කීපයකම ගෝල් රකින්නෙකු ලෙස දක්‍ෂතා දක්වා තිබේ.
1998 ප‍්‍රංශයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ හා පෙර අවසන් පූර්ව වටයේ තරග කීපයක පැති විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් අවධානය දිනාගත් පාපන්දු විනිසුරු නිමල් වික‍්‍රමතුංග මහතා මේ වන විට එම අවස්ථාව ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා බවට පත්ව සිටියි.
අන්තර්ජාතික පාපන්දු තරගාවලි රැුසකට සේවය ලබාදුන් වික‍්‍රමතුංග මහතා 1997 දී ආසියාවේ හොඳම පැති විනිසුරුවරයා ලෙස ද සම්මාන ලබා තිබේ. ඔහු දැනට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනිසුරු කමිටුවේ සභාපති ධුරය දරයි. ශ්‍රී ලංකා යොවුන් හා ජාතික පාපන්දු කණ්ඩායම්හි ක‍්‍රීඩකයෙකු ලෙස හැත්තෑව දශකයේ දක්‍ෂතා දක්වා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.