Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු මහ සභාවට වාරණයක්

පාපන්දු මහ සභාවට වාරණයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනිද්දා (14) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීම වළකාලමින් කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය විසින් වාරණ නියෝගයක් අද (12 වැනිදා) නිකුත් කරන ලදී.

පාපන්දු සම්මේලනයේ විගණන කටයුතු නිසි පරිදි කර නොමැති බව කියමින් එහි විධායක කමිටු සාමාජිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ සිවිල් අභියාචන මහාධිකරණය මෙම වාරණය නිකුත් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන ලියොන් සෙනෙවිරත්න හා මඩවල යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම් ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරිණි.

පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීම පැවැත්වීම වළකන්නැයි ඉල්ලමින් මීට පෙර දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම දිසා අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂේප කර ලදි. දිසා අධිකරණයේ එම තීන්දුව ඉවත දමා මහා සභා රැස්වීම පැවැත්වීමට එරෙහිව වාරණයක් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ සාමාජිකයන් වන නීතිඥ තිළිණ පණ්ඩිතරත්න සහ නීතිඥ සේපාල පෙරේරා යන මහත්වරුන් විසිනි.

පාපන්දු සම්මේලනයේ විගණන කටයුතු නිසි පරිදි සිදු කොට නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ මහා සභා රැස්වීමක් පැවැති වුවහොත් එයින් තමන්ට මහත් අප‍්‍රතිකකාරි හානි සිදුවන බව කියමින් ඉදිරිපත් කරන ලද පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම පිළිගනිමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ගයාන් සල්වතුර මහතාගේ උපදෙස් මත නීතිඥ උචිත වික‍්‍රමසිංහ, තාරනාත් පල්ලියගුරු, නවීන් මාරපන සමග ජනාධිපති නීතිඥ අල් සබ්රි මහතාද වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඉරාන් ද අල්විස් මහතා සමග ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාද පෙනී සිටියහ.

 


අදහස් (0)

පාපන්දු මහ සභාවට වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.