පාපන්දු සම්මේලනයෙන් මිලියන 2 ක්

කොවිඩ් - 19 ජාතික අරමුදල සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් රුපියල් මිලියන දෙකක් පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගය ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් කේ. බී. එගොඩවෙල මහතාට, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී පිරිනමන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වාර් උමාර් සහ විශේෂ ව්‍යාපෘති සභාපති අතුල කොඩිප්පිලි යන මහත්වරුද සහභාගි වූහ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, මේ වන විට පාපන්දු ලීග, ක්‍රීඩා සමාජ, පුහුණුකරුවන්, ක්‍රීඩකයන් සහ විනිසුරුවරුන් සඳහා සහන වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබේ. එ සඳහා රුපියල් මිලියන 23 කට වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ලැබෙන පරිත්‍යාග මේ සඳහා යොදාගැනීමට අනුමැතිය ලබා ඇති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වේ.