Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි විනිසුරුවන්ගේ සංගමය විමර්ශනයක් ඉල්ලයි

පාපැදි විනිසුරුවන්ගේ සංගමය විමර්ශනයක් ඉල්ලයි

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(නාමල් පතිරගේ)

ගුවන් හමුදාවේ නිලධාරියකු වන අයෙකු ගුවන් හමුදාව සත්කාරය දැරූ ගුවන් හමුදා පාපැදි සවාරියේ (2022) ප්‍රධාන තීරකවරයා ලෙස පත් කිරීම ඇතුළුව එම පාපැදි සවාරියේ සිදුවූ බව කියන දුර්වල තරග මෙහෙයවීම හා විනිශ්චය පිළිබඳව චෝදනා 16ක් දක්වමින් ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය විමර්ශනයක් ඉල්ලා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය නිමිත්තෙන් 23 වනි වරටත් සංවිධානය කළ ගුවන් හමුදා පාපැදි සවාරිය පසුගිය මාර්තු 4 වැනිදා සිට 6 වැනිදා දක්වා අදියර තුනකින් (කිලෝමීටර 411) පැවැත්වුණි.  එහි ජයග්‍රාහකයා වූයේ යුද හමුදා ක්‍රීඩක අවිෂ්ක ඩිල්රුවන් මැඩොන්සාය.

එහිදී එක් දින කාන්තා පාපැදි ඉසව්වක්ද පැවැත්වුණි. එහි ජයග්‍රාහිකාව වූයේ ෂාලිකා දිල්හානිය.

මෙම පාපැදි සවාරියේ පසුගිය වසරේ තරගාවලිය ඇතුළුව වසර කීපයක්ම විනිශ්චය මෙහෙයවූයේ ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය විසිනි. කෙසේවූවත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා ඔවුන් විසින්ම නිර්දේශ කළ විනිසුරුවන් හා තීරකවරුන්ගේ කණ්ඩායමක් සහභාගි කර ගත්තේය.
මෙම තරගය සඳහා පාපැදි විනිසුරුවන්ග් සංගමයේ මෙවර මැදිහත් වීම පාපැදි සම්මේලනයේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප විය.

පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන ප්‍රියනාත් ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ විරෝධතා ලිපියේ දක්වා තිබෙන ප්‍රධාන කරුණු හා චෝදනා කීපයක් පහත පරිදි වේ.


ඉහත කරුණු සම්බන්ධයෙන් පාපැදි විනිසුරු සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කල ලිපියෙන් අවධාරණය කරන්නේ 23 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ නිවැරදි සමස්ත ප්‍රතිඵලයට ඉහත කරුණු දැඩි බලපෑමක් කළ බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා පත් කරන තාක්‍ෂණික නිලධාරී මඩුල්ලක් ඉදිරියේ කරුණු දැක්වීමට සූදානම් බවත්ය.


අදහස් (3)

පාපැදි විනිසුරුවන්ගේ සංගමය විමර්ශනයක් ඉල්ලයි
  • රාමනායක බ්‍රහ්මණ Sunday, 27 March 2022 10:13 PM

    ගායකයිනි - ගී ගයන්න. නළු නිළියනි- රඟපාන්න. පාලකයින් - නායකත්වය ගන්න. පරිපාලකයිනි - මෙහෙයවන්න. අනුග්‍රාහකයිනි - උදව් කරන්න. ක්‍රීඩකයිනි - ක්‍රීඩා කරන්න. විනිසුරුවරුනි - විනිසුරුන් වන්න.

    Reply 0       0

    Sujeevan Senaratne Monday, 28 March 2022 08:17 AM

    පාපැදි විනිසුරුවරුන්ගේ සංගමය පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කළ සංගමයක්ද? පාපැදි තරගයකදී විනිසුරුවන් නම් කිරීමට පාපැදි විනිසුරුවරුන්ගේ සම්මේලනයට තිබෙන අයිතිවාසිකම් මොනවද? මොන ක්‍රීඩා පනතේද එය නීතියානුකූල වෙන්නේ..? දැනට සිටින පාපැදි විනිසුරුවරුන් සියලුම දෙනාම එම සංගමයේ සාමාජිකයින්ද?

    Reply 0       0

    J. A. Ashok Perera Monday, 28 March 2022 09:42 PM

    මමද අයි චැනල් ඔස්සේ තරගය නැරඹුවෙමි. මෙහි සඳහන් කරුණු සාධාරණයක් ඇති අතර පළමු දිනයේ ඩෙත් ටයිම් එකට ඇතුළත් ක්‍රීඩකයින් දෙවන දිනයේ සහභාගි වීමට අවසර ලබා දී ඇත. දෙවන දිනයේ අවසාන මීටර කීපය තුළ ඇති වූ අනතුර ඉතාම අසාධාරණ ලෙස කටයුතු කළබව දකින්නට ලැබිණි. මේ සියල්ලම සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි ස්තුතියි ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.