Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාර්තිව් පතෙල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාර්තිව් පතෙල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2020 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නකු ලෙස කටයුතු කළ පාර්තිව් පතෙල් සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලින් සමුගන්නා බව ප්‍රකාශ කරයි. මේ වන විට 35 හැවිරිදි පතෙල්, සිය සමුගැනීම ප්‍රකාශ කරන විට ටෙස්ට් තරග 25 කදී, එක්දින තරග 38 කදී සහ විස්සයි 20 තරග 2 කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබිණ.

එංගලන්තයට එරෙහිව 2002 වසරේදී ඉන්දියාව වෙනුවෙන් පිටියට පිවිසි පතෙල් පතෙල්, එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලම ටෙස්ට් කඩුලු රකින්නා ලෙස වාර්තාවක්ද පිහිටූවීය. සිය මංගල ටෙස්ට් තරගයට කඩුලු රකින්නකු ලෙස ක්‍රීඩා කරන විට ඔහු 17 වැනි වියේ පසුවිය.

කෙසේ වුවත් 2005 වසරේදී මහේන්ද්‍ර සිං දෝනිගේ ආගමනයත් සමග පතෙල්ට වසර ගණනාවක් පුරා ඉන්දීය කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට සිදුවිය. දෝනි විවේක ගන්වන විට සහ අබාධයන්ට ලක්වන විට පමණක් පතෙල්ට ඉන්දීය කණ්ඩායමේ දොරටු විවර විය.

“සුහදතාවයෙන් සහ ඉතා උද්යෝගයෙන් යුතුව ක්‍රීඩා කිරීමට හැකි වීම මට මහත් සතුටක්.” යැයි පතෙල්, සමුගැනීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ. පතෙල් අවසන් වරට ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කළේ 2018 වසරේදීය.

පළමු පෙළ තරග 194 කදී ශතක 27 ක් සහ අර්ධ ශතක 62 ක් සමග ලකුණු 11,240 ක් රැස්කිරීමට පතෙල් සමත්ව ඇති අතර 2016-2017 තරග වාරයේදී ගුජරාට් ප්‍රාන්ත කණ්ඩායමට සිය මංගල රංජි කුසලාන සහ මංගල විජේ හසාරේ කුසලන දිනාදීමටද ඔහු පුරෝගාමී විය.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කණ්ඩායම් 6 ක් නියෝජනය කර ඇති පටේල්, තරග 139 කදී අර්ධ ශතක 13 ක් සමග ලකුණු 2848 ක් රැස්කිරීමට සමත්ව ඇත.‍කෙසේ වුවත් අවසන් වරට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කළ පතෙල්ට‍, මේ වසරේ (2020) එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ පැවැති අයි.පී.එල්. තරගාවලියේ එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබිණ.

-036

 


අදහස් (0)

පාර්තිව් පතෙල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.