Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාලිත සෙනරත් සමුගනී

පාලිත සෙනරත් සමුගනී

editorial - 2021 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අංශයේ ප්‍රධානී පාලිත සෙනරත් යාපා මහතා මාර්තු 7 වැනිදා අභාවප්‍රාප්ත විය.

මිය යන යන විට 57 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ පළමු පුහුණු නිෂ්පාදන සහකාර කණ්ඩායමට ඇතුළත් වෙමින් 1983 දී එහි සේවයට එක් විය.

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ දීර්ඝතම කාලයක් සේවය කර ඇති ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක් ජාතික රුපාවාහිනිය වෙනුවෙන් ආවරණය කිරීමට දායක වූ ප්‍රවීණතම ක්‍රීඩා ජනමාධ්‍යවේදියෙකි.
කලක් එහි ප්‍රවෘත්ති අංශයේද සේවය කර ඇති යාපා මහතා වසර 2002 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව තොරතුරු වාර්තාකරණයේදී එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබීය. එහිදී ඔහුගේ පාදයකට බරපතළ තුවාල සිදු විය.

ප්‍රවීණතම රංගන ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත දෙණවක හාමිණේ මහත්මියගේ මුනුපුරකු වන ඔහු චිත්‍රපට කීපයක ද රඟපා තිබේ. යාපා මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදී සිසුවෙකි. ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්‍ඨ උපසභාපතිවරයා ලෙසත් ඔහු මිය යනතෙක් කටයුතු කළේය.

අවසන් කටයුතු ඊයේ (සඳුදා) පස්වරු 6 ට තලවතුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.


අදහස් (0)

පාලිත සෙනරත් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.