පාසල් ක්‍රිකට් තොරතුරු පද්ධතිය ජනවාරියේ සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අඩුවක්ව පැවැති පාසල් ක්‍රීඩකයන්ගේ තොරතුරු ඇතුළත් ‘ක්‍රීඩක විද්්‍යුත් තොරතුරු පද්ධතියක්’ නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ලබන ජනවාරි මස ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා ‘ලංකාදීප’යට පැවසීය. ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වර්තමාන විදුහල්පතිවරයා ද වන වත්තුහේවා මහතා එම ව්‍යාපෘතිය පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“ක්‍රීඩකයන්ගේ තොරතුරු පද්ධතිය සඳහා අපි පෞද්ගලික ආයතනයක් සමඟ එකතුව මෘදුකාංගයක් හදලා තියෙන්නේ. එය ජනවාරි මාසයේ ආරම්භ කරනවා...පාසල් ක්‍රිකට් සංගමයේ මේ වන විට ලියාපදිංචි වී සිටින සියලුම ක්‍රීඩකයන්ගේ තොරතුරු මෙම ක්‍රීඩක විද්්‍යුත් තොරතුරු පද්ධතියට ඇතුළත් කරනවා. ඉන් පසුව එය ඉදිරියට යයි”
“අදාල පාසල්වල ක්‍රිකට් භාර ආචාර්යවරුන්ට එම තොරතුරු ඇතුත් කිරීමේ සහ යාවත්කාලීන කිරීමේ අවස්ථාව ලැබෙනවා. එම ආචාර්යවරු තම පාසලේ සියලුම ක්‍රීඩකයන්ගේ විස්තර අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කළ යුතුයි”
“එම පද්ධතිය සකස්වීමෙන් පසුව මේ දක්වා පැවැති තරගාවලි සඳහා ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් ‘කණ්ඩායම් කාඞ්පත්’ නිර්මාණය කිරීම වැනි දේවල් ඕන වෙන්නේ නෑ”
“මෙම ව්‍යාපෘතියේ අපේ අවසන් ඉලක්කය වයස 13 න් පහළ සිට ළමයා වයස 19 න් පහළ අවසන් කර එළියට යන විට ඔහුගේ සම්පූර්ණ තොරතුරු ඕනම කෙනෙකුට බලන්න සහ ගන්න හැකි වන පරිදි පද්ධතියක් නිර්මාණය කිරීමයි”
“ළමයකුට අවසානයේ තරග කීයක් ගැහුවද? ක්‍රීඩා කළ තරග මොනවද? ආදි සියලුම විස්තර එහි ඇතුළත් වන පරිදියි එම මෘදුකාංගය සකස් කරලා තියෙන්නේ” යැයි වස්තුහේවා මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට වසර 100 ක පමණ ඉතිහාසයක් තිබුණ ද පසුගිය තොරතුරු ලබාගැනීමට කිසිඳු ආයතනයක් නොමැති අතර පාසල් ක්‍රිකට් බොහෝ වාර්තා සහ ඉතිහාසය මේ දක්වා මතකය මත පමණක් පවතී.