Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කෝවිඩ් 19’ අවදානම හමුවේ දේශීය පාසල් පද්ධතිය වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ රැකියාව අවදානමට ලක්වීමෙන් ඔවුහූ දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බව වාර්තා වේ.
මෙහිදී බොහෝ පාසල් ප්‍රධානීන් මෙම තත්ත්වය තුළ සේවා ගිවිසුම් උල්ලංඝණය කරමින් පුහුණුකරුවන්ගේ සේවය අත්හිටුවීමට ගන්නා වූ උත්සහයන් සාධාරණ නොවන බව ද පුහුණුකරුවෝ චෝදනා කරති.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතර ක්‍රිකට් සහ රග්බි පුහුණුකරුවන් ඉහළ වැටුප් ලබන අතර කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ක්‍රිකට් සහ රග්බි පුහුණුකරුවන්ගේ වැටුප් අත්හිටුවීමට පාසල් බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද මේ අතර වාර්තා වේ.
මොරටුව ප්‍රදේශයේ නම් දැරූ පාසලක සියලුම පුහුණුකරුවන්ගේ සේවය පසුගිය ජූලි මස සිට අත්හිටුවීමට තීරණය කිරීමෙන් ක්‍රීඩා 20 කට ආසන්න සංඛ්‍යාවක පුහුණුකරුවන් 30 දෙනකු පමණ දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද හෙළිවේ.
“පාසල් සංවර්ධන සමිතිය සියලුම ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව ජූනි මස දීමනාවෙන් යම්කිසි ප්‍රතිශතයක් ඔබ වෙත ගෙවනු ලබන අතර ජූලි මස සිට නැවත දැනුම්දෙන තුරු සේවය දීර්ඝ කිරීම හා දීමනා ගෙවීම අත්හිටවනු ලැබේ” යනුවෙන් ඇතැම් පාසල් පුහුණුකරුවන්ට දැනුම්දී කර තිබේ.
මෙම තත්ත්වය තුළ බොහෝ පාසල්වල කරාටේ, කැරම්, ජිම්නාස්ටික්, මල්ලවපොර ආදි ක්‍රීඩා ඉසව් රැසක පුහුණුකරු රැකියාවෙන් පමණක් ආදායම් ලබන පුහුණුකරුවන් වඩාත් අපහසුතාවට පත්ව තිබේ.
කොළඹ ප්‍රධාන පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු පැවසුවේ මෙම තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය හෝ අවධානය යොමු කර සහනයක් සැළසිය යුතු බවයි.
“ක්‍රිකට් පුහුණුකරුවන් රැසකට මේ වන විට ආදායම අහිමිවෙලා තියෙනවා. අපි පාසල්වල සේවයට පැමිණ තිබෙන්නේ සේවා ගිවිසුමක් මතයි. රටේ ඇති වූ තත්ත්වය අනුව පාසල්වලටත් අමාරු තමයි. නමුත් සේවා ගිවිසුම් කඩකරමින් අපේ ගෙවීම් නවත්වලා තියෙනවා”
“කොවිඩ් කරන්දරයෙන් අපේ ඇතැම් පුහුණුකරුවො ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය අතහැරලත් පාසල්වල සේවයට ඇවිත් ඉන්නවා. උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව පාසල් බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර සහනයක් සැළසිය යුතුයි” යැයි ද එම පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.