Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලංකා වයස 12න් පහළ (බාලක - බාලිකා) පාපන්දු තරගාවලිය ලබන ජුලි 5 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් හය දෙනෙකුට තේරීම් පරීක්ෂණයකින් පසුව ලොව කීර්තිමත්ම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නේවාසික පුහුණු වැඩමුළුවකට සහභාගිවීමේ අවස්ථාව ලැබීමයි. බාසිලෝනා ක්‍රීඩා සමාජ පාපන්දු විද්‍යායතනයේදී ඔවුන්ට එම වැඩමුළුවට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.
නෙස්ලේ (මයිලෝ නිෂ්පාදන) ලංකා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් හා ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් මෙම කනිෂ්ඨ පාපන්දු තරගාවලිය සංවිධානය කෙරේ.
එහිදී තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණයෙන් සංවිධානය කෙරේ. මේ නිමිත්තෙන් හිල්ටන් කොළඹ නවාතැනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන හඳුන්වාදීමේ උත්සවයක් පැවැත්වුණි.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, එහි විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, එහි අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම්) කර්නල් මංජුල ප්‍රදීප් කාරියවසම්, නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති බන්දුල එගොඩගේ, එහි උපසභාපති නෝමන් කන්නන්ගර, ජ්‍යෙෂ්ඨ ලාංඡන කළමනාකරු (මයිලෝ) මොහොමඞ් අලි යන මහත්වරු එම අවස්ථාවේදී අදහස් දැක්වූහ.
සමස්ත ලංකා පාසල් වයස 12න් පහළ පාපන්දු තරගාවලිය පළාත් මට්ටමින් පැවැත්වෙන ආකාරය.
● ඌව පළාත : ජුලි 5-6 - අනුරාධපුරය බන්ධනාගාර පිටියේදී.
● උතුර පළාත : ජුලි 15-16 යාපනය දොරේඅප්පා පිටියේදී
● නැගෙනහිර පළාත : ජුලි 29-30 ත්‍රිකුණාමලය නගර සභා පිටියේදී
● ඌව පළාත : ජුලි 17-18 බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී
● වයඹ පළාත : ජුලි 19-20 කුරුණෑගල මහජන පිටියේදී
● මධ්‍යම පළාත : ජුලි 11-12 මහනුවර බෝගම්බර පිටියේදී
● බස්නාහිර පළාත : ජුලි 7-8 කොම්පඤ්ඤවීදිය සිටි ලීග පිටියේදී
● සබරගමුව පළාත : ජුලි 21 - 22 රත්නපුරය මහජන පිටියේදී
● දකුණු පළාත : ජුලි 9 - 10 මාතර උයන්වත්ත පිටියේදී
![]() |
![]() |
වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම සංකේතවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට අනුග්‍රාහක නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් එහි උපසභාපති නෝමන් කන්නන්ගර මහතා තරගාවලියට යොදාගන්නා පන්දුවක් ප්‍රදානය කළ අයුරු. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.