Last Update  :  2024-11-22 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු අවසන් වටය සදුදා සිට

පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු අවසන් වටය සදුදා සිට

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරග මාලාවේ අවසන් වටය සදුදා (4) මාතර උයන්වත්ත පිටියේදී ආරම්හ වේ. බදාදා (6) දක්වා එහිදී පැවැත්වෙන තරගාවලියට මූලික වටයේදී නිර්දේශ ලබා ගත් කණ්ඩායම් 400 ක් සහභාගි වෙති.

වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ යන පරිදි වයස් කාණ්ඩ හතරකින් මෙවරත් තරග මාලාව සමන්විතය.

තරගමාලාවේ මූලික වටය දිවයින පුරා මධ්‍යස්ථාන 15 කදී  කණ්ඩායම් 1500 කට වැඩි ගණනකගේ සහභාගිත්වයෙන් පසුගිය  ජූලි  -ඔක්තෝබර් කාලසීමාවේදී පවත්වා අවසන් කළ බව ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය පවසයි.

ඒ සදහා ක්‍රීඩිකාවන් 13000 කට ආසන්න  පිරිසක් සහභාගිවී තිබේ.අවසන් වටයට එක් වන කණ්ඩායම්හි නියෝජනය ලබන ක්‍රීඩිකාවන් ගණන 4000 ක් පමණ වන බව තරග සංවිධායකයෝ පවසති.

මෙම තරගමාලාව සදහා වසර 30 කට අධික කාලයක් පුරා අඛණ්ඩව මයිලෝ සන්නාමය යටතේ අනුග්‍රහය ලබා දෙන්නේ නෙස්ලේ ලංකා සමාගම විසිනි.


අදහස් (0)

පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු අවසන් වටය සදුදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.