Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමේ පියවරක් ලෙස පාසල්වල දිනක විවේක කාලය වැඩි කිරීමට කටයුතු කරන ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පන්නිපිටිය ධර්මපාල විදුහලේ ශාරීරික සුවතා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවය අමතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පසුගියදා මෙම ඉල්ලීම කර තිබේ.
එහිදී තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මම යෝජනා කළා අධ්‍යාපන ඇමතිතුමාට පු`ඵවන්නන් අඩුම තරමේ විවේක කාලය විනාඩි 15 කින් වැඩි කරලා දෙන්න කියලා. හැම කාලච්ජේදයකින්ම විනාඩි දෙක දෙක අරගෙන විනාඩි 18 ක් විතර හදාගන්න පු`ඵවන්. මම කාලච්ජේදයක්ම ඉල්ලන්නේ නෑ. විවේක කාලයට ඒ විනාඩි 18 කට එකතු වුණාම දරුවන්ට තව ඕවර දෙක තුනක් විවේක කාලයේදී ක්‍රීඩා කරන්න පු`ඵවන්”
“ක්‍රීඩා කළාම අධ්‍යාපනය කඩාපප්පල් වෙනවා කියලා දෙමව්පියන් ඇතු`ඵ බොහෝ දෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා. ඒ සම්පූර්ණයෙන් මිත්‍යාවක් සහ මතයක් පමණයි. ක්‍රීඩා කරන දරුවෙකුගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා”
“ක්‍රීඩාවට තියෙන ලොකුම අභියෝගය තමයි බුද්ධි මට්ටමෙන් ඉහළ ක්‍රීඩකයො නොමැති වීම. පුහුණුකරුවකු කියලා දෙන දෙයක් අවබෝදකරගැනීමේ, දරාගැනීම් හැකියාව ක්‍රීඩකයකුට තිබිය යුතුයි. අපි ඒ අභියෝගයටත් මුහුණ දෙනවා”
“මම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවන්ව වැඩිපුර පිට්ටනියට එවන්න කියලා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
රජයේ පාසලක දිනකට අධ්‍යාපනය සඳහා විනාඩි 40 බැගින් වන කාලච්ජේද අටක් පවතී. එම කාලයට අමතරව පෙරවරු 10.30 සිට 10.50 දක්වා විනාඩි 20 ක විවේක කාලයක් ලැබේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාවට ලකුණු කාලච්ජේද අටෙන් විනාඩි දෙක බැගින් ලබාගත හොත් වැඩි 16 ක් නිර්මාණය කරගත හැකි අතර ඒ අනුව විවේක කාලය විනාඩි 36 ක් දක්වා වැඩි කළ හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.