Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරලිම්පික් කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

පැරලිම්පික් කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

editorial - 2021 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ආසිආටාහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - (සන්නාම හා මාධ්‍ය) - හර්ෂ සමරනායක මහතා ටෝකියෝ බලා යන ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ජාතික පැරලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා වෙත අනුග්‍රහය පිරිනැමූ අවස්ථාව. ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතාද ඡායාරූපයේ සිටී.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන 2020 පැරලිම්පික් උළෙලට සහභාගී වන 9 දෙනෙකුගෙන් සමන්විත  ශ්‍රී ලංකා කණ්ඩායමට ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම මෙවරත් අනුග්‍රහය දක්වයි. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම තව නොබෝ දිනකින් දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

2012 ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී මීටර 400 - ටී46 කාණ්ඩයෙන් තත්පර 49.28 ක දක්ෂතාවක් දක්වමින් ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාව විසින් පැරාලිම්පික් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙස සටහන් වෙමිනි. අනතුරුව 2016 රියෝ පැරලිම්පික් උළෙලේදී ද දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීම - එෆ් 46 කාණ්ඩයේදී මීටර 58.23 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගත්තේය. 2019 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී  එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ඔහු සමත්විය.

ටෝකියෝ පැරලිම්පික් උළෙලට සහභාගීවන 9 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාතික ධජය රැගෙන යාම දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත පැවරේ.

හෙල්ල විසිකිරීමේ එෆ්-44 සහ එෆ්-64 කාණ්ඩවලින් තරගවදින සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්වට එෆ්-42 කාණ්ඩයෙන් තරගවදින පාලිත බණ්ඩාර, මීටර 400 ඉසව්වේ ටී-47 කාණ්ඩයෙන් තරගවදින මධුරංග සුබසිංහ, මීටර 100 ටී45/46 කාණ්ඩයට සහ දුර පැනීම ඉසව්වට තරගවදින කුමුදු ප්‍රියංක සමගින් රෝදපුටු ටෙනිස් ඉසව්වට තරග වදින රංජන් ධර්මසේන, දුන්නෙන් විදීමේ ඉසව්වට සහභාගී වන සම්පත් බණ්ඩාර සහ ඔරුපැදීමේ ඉසව්වට සහභාගීවන මහේෂ් ජයකොඩි ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩා  සමග දීර්ඝ කාලයක් තිස්සේ බැඳී සිටින්නකි. ජාතික පැරලිම්පික් කමිටුවේ සහ 2015 සිට ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ අනුග්‍රාහකයා වන ඩයලොග්, ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල වෙනුවෙන්ද 2000 වසරේදී පළමු වරට අනුග්‍රහය දැක්විය. අනතුරුව 2004, 2008 සහ 2012 දී ද ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට අනුග්‍රහය දක්වා තිබේ.

‘‘කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පුහුණු කටයුතු වෙනුවෙන් පැනවුණු සීමාකිරීම් මධ්‍යයේ වුව, අප කණ්ඩායම පදක්කම් දිනාගැනීම වෙනුවෙන් මහත් වෙහෙස මහන්සියෙන් කැපවුණා. ඉතිං අප සිතනවා  ටෝකියෝවේදී අපට වැඩි පදක්කම් ගණනක් දිනාගැනීමට හැකිවෙයි කියලා.’’ යයි ටෝකියෝ පැරලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ලෙසින් කටයුතු කරන මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතා  පැවසීය.

ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - (සන්නාම සහ මාධ්‍ය) - හර්ෂ සමරනායක මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයේ පවා ඉහළ දක්ෂතා දැක්විය හැකි බව අපේ පැරාලිම්පික් ක්‍රීඩකයන් විසින්, ඔවුන්ගේ මෑතකාලීන ජයග්‍රහණ මතින් පෙන්වා තිබෙනවා. 2020 ටෝකියෝ උළෙලේදී ඔවුනට ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගන්න ලැබෙන බව අපට විශ්වාසයි.’’

- 223


අදහස් (0)

පැරලිම්පික් කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.