Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරලිම්පික් තරග වලින් නරඹන්නන් ඉවතට

පැරලිම්පික් තරග වලින් නරඹන්නන් ඉවතට

editorial - 2021 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ නුවරට සහ තවත් ප්‍රදේශ කිහිපයකට ජපන් රජය විසින් පනවනු ලැබ ඇති හදිසි තත්ත්වය පැරලිම්පික් තරගාවලියටද අදාල වන බැවින් පැරලිම්පික් තරගාවලියේ තරග නැරඹීම සඳහා නරඹන්නන්ට අවස්ථාව ‍ලබා නොදෙන බව එහි සංවිධායකයෝ පවසති. කෙසේ වෙතත් නියමිත සෞඛ්‍ය නීතිරීති සහ ආරක්ෂක විධි විධාන අනුගමනය කරමින්, රැකබලාගන්නන්ගේ අදහස් වලටද කන්දෙමින්, පැරලිම්පික් තරග නැරඹීම සඳහා පාසල් සිසුන් යැවීමට එක් එක් නගරසභාවලට බලය පවරා තිබේ.  

රජයේ නිලධාරීන් සහ පැරලිම්පික් සංවිධායකයින් සමග පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගැනීමට සිදුවීම පිළිබඳව ඔලිම්පික් සහ පැරලිම්පික් ආමාත්‍ය සීකෝ හෂිමොටෝ මහත්මිය ජනතාවගෙන් සමාව අයැද සිටියාය. නිවසේ සිට ක්‍රීඩා නැරඹීම මගින් කොවිඩ් අවදානම අවම කරගන්නා ලෙසද ඇය ඉල්ලා සිටියාය.

"පැරලිම්පික් තරග නැරඹීමට බලා සිටින සියලුම ටිකට්පත් හිමියන්ගෙන් අපි අවංකවම සමාව අයදිනවා. නමුත් ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ක්‍රියාත්මක කිරීම නොවැලැක්විය හැකි බව කරුණාවෙන් සලකන්න." යැයි හෂිමොටෝ මහත්මිය පැවසුවාය.

පැරලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතය.  පිහිනුම්, මේසපන්දු, රෝද පුටු ටෙනිස් සහ පැසිපන්දු ඇතුළු තරග රාශියකින් සමන්විත එම ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000  කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ටෝකියෝ නුවර සහ සෙසු ප්‍රදේශ වල පවතින හදිසි තත්ත්වය  සැප්තැම්බර් 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත්, තවත් ප්‍රාන්ත 7 කට එය ව්‍යාප්ත කිරීමටත් ජපන් රජය සූදානම් වන බව ජපන් මාධ්‍ය වාර්තා කරයි.

-036


අදහස් (0)

පැරලිම්පික් තරග වලින් නරඹන්නන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.