Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැය කිරීම් සඳහා රුපියල් මිලියන 128 ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ. විදෙස් තරග සංචාර ඇතුළු ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම වසරට ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී තිබූ රුපියල් මිලියන 400 ක් වන ප්‍රතිපාදන මේ වන විට වියදම් කර අවසන්ව තිබෙන බැවින්, ඉතිරි වියදම් සඳහා මෙම මුදල මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙන බවද එහිදී වාර්තාවේ.
මේ අතර මෙසේ ලබා ගැනීමට අපේක්ෂිත මිලියන 128 ක මුදලෙන් නොබෝදා නිමාවට පත්වූ පැරිස් පැරලිම්පික් උළෙලට සභභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ගෙවා අවසන් කිරීමටද යොදා ගැනේ.
ඒ අනුව පැරිස් පැරලිම්පික් උළෙලට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෑගි මුදල් ලෙස රුපියල් මිලියන 47 කට ආසන්න මුදලක් ගෙවීමට යෝජිතය. එහිදී හෙල්ල විසි කිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු සඳහා ප්‍රදානය කිරීමට අපේක්ෂිත ත්‍යාග මුදල රුපියල් මිලියන 30 කට ආසන්නය.
ක්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර තරගවලදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් සඳහා සකස් කර තිබෙන ත්‍යාග මුදල් ගෙවීමේ ක්‍රමවේදය අනුව මෙම ප්‍රදානයන් සිදු කිරීමට නියමිතය.
මෙවර ප්‍රංශයේ පැරිස් නුවරදී නිමාවට පත්වූ 17 වැනි පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව දිනා ගත් එකම පදක්කම සමිත දුලාන් විසින් හිමි කර ගනු ලැබීය. එහිදී ලෝක වාර්තාවක්ද බිද වැටුණු බැවින් එය ද සලකා ත්‍යාග මුදල් තීරණය කෙරේ.
පැරිස් පැරලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි විය. එහීදී පදක්කම් දිනා නොගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ද ඔවුන් අවසන් තරග සඳහා නිර්දේශ වෙමින් අත්කරගත් ස්ථාන අනුව මුදලින් තෑගි ප්‍රදානය කෙරේ.
රිදී පදක්කම දිනූ සමිත දුලාන්ගේ පුහුණුකරුට ද එහිදී ත්‍යාග මුදලක් එම ගෙවීම් අනුව හිමි වනු ඇත.
මෙම වසරට කැබිනට් අනුමැතියෙන් වෙන් කර තිබූ රුපියල් මිලියන 400 ක් වන මුදලෙන් වැඩිම වැයක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා තරග සංචාර සඳහා දරා තිබේ. කෙසේ වූවත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජාතික ක්‍රීඩා අරමුදල ද හිස්ව පවතී.
ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙම වසරට අත්‍යවශ්‍ය ඉතිරි ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු පවත්වා ගෙන යාම සඳහා මෙසේ මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් සපයා ගැනීමට සිදුව තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙම වසරට වෙන් කර තිබූ බව සඳහන් ක්‍රීඩා ප්‍රවර්ධන අරමුදල් හිඟය නිසා ඉකුත්දා සිදු කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පේරු ලෝක ශූරතා කණිෂ්ඨ තරග සංචාරය සඳහා අරමුදල් සපයා ගත්තේද මහා භාණ්ඩාගාරය හරහා ජනාධිපති අරමුදලෙනි.
ඒ සඳහා රුපියල් මිලියන 35 ක මුදලක් ජනාධිපති අරමුදලෙන් සපයා ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත්වීම් කර තිබුණි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග ශ්‍රී ලංකා පදක්කම්ලාභීන් සඳහා ගෙවීම් ලබාදීමේදී ඔලිම්පික් පදක්කම්ලාභි ශ්‍රී ලාංකිකයකුට රුපියල් කෝටි පහේ සිට මුදල් තෑගි ප්‍රදානය කෙරේ.
මලල ක්‍රීඩා තරග සංචාර හැරෙන්නට තවත් ක්‍රීඩා ඉසව් ගණනාවක විදෙස් තරග සංචාර සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමෙන් ක්‍රීඩා අමාතාංශය අනුග්‍රහය දක්වා තිබේ.
මේ අතර පැවැති හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී හා හංජෝ පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී (2023) පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට ක්‍රීඩා අමාතාංශය විසින් පසුගිය අගෝස්තු මාසයේදී පැවැති ඇගයීම් උත්සවයකදී රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් ත්‍යාග ලෙස බෙදා දෙනු ලැබීය.
එහිදී හංජෝ ආසියානු ක්‍රීඩා රන් පදක්කම්ලාභිණී තරුෂි කරුණාරත්නට රුපියල් එක් කෝටි හැත්තෑපන් ලක්ෂයක වැඩිම තෑගි මුදලක් ප්‍රදානය කෙරුණි. එහිදී මීටර් 100 හංජෝ පැරා අසියානු රන් පදක්කම්ලාභී නුවන් ඉන්දිකට රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක මුදලක්ද ප්‍රදානය කෙරුණි.
තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ලක්ෂ 50 කට ආසන්න මුදලක්ද හා හංජෝ පැරාඅසියානු මීටර් 1500 රන් පදක්කම්ලාභී ප්‍රදීප් සෝමසිරිගේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා රුපියල් විසි දෙලක්ෂ පණස් දහසක මුදලක් ද ලෙස එහිදී වැඩිම ප්‍රදානයන් ලැබූ පුහුණුකරුවෝ වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.