Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ කෝබේහිදී පෙරේදා (25) අවසන් වූ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වූ ශ්‍රී ලාංකික පැරා මලල ක්‍රීඩක කණ්ඩායමට අනුග්‍රහය දක්වන ලද්දේ ඩයලොග් ආසියාටා සමාගම විසිනි. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පස් දෙනෙක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
සමිත දුලාන් පිරිමි එෆ්-44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනාගත් අතර ඔහු එෆ්-64 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගත්තේය. කෙටි දුර ධාවන ශූර ඉන්දික ගමගේ ටී-44 මීටර් 100 ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර පාලිත බණ්ඩාර එෆ්-42 කාණ්ඩයේදී යගුලිය දැමීමෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම ජාතික පැරලිම්පික් කමිටුවේ සාඩම්බර අනුග්‍රාහකයාය. ශ්‍රී ලංකාවේ සිටින විශේෂ අවශ්‍යතා ඇති අය මානසිකව මෙන්ම ශාරීරිකවද දිරිගැන්වීම සඳහා ඩයලොග් සමාගමේ කැපවීම මෙම අනුග්‍රාහකත්වය මගින් විද්‍යමාන වේ. ඩයලොග් අනුග්‍රාහකත්වය යටතේ පුහුණු වැඩසටහන්, දේශීය තරගාවලි, ජාත්‍යන්තර තරග සහභාගීත්වය සහ පැරා ක්‍රීඩකයන්ගේ සංවර්ධනයට ආධාර වන අනෙකුත් අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයේ.
ඩයලොග් ආසිආටා සමාගම පැරා ක්‍රීඩා වෙනුවෙන් පමණක් නොව ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු, අන්තර් පාසල් රග්බි සහ විද්යුත් ක්‍රීඩා (E-Sports) යන ජාතික කණ්ඩායම්වලද අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන අතර ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේ මූලික අනුග්‍රාහකයාද වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.