Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාව අද (8 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී ලකුණු 90-75 ක් ලෙස සත්කාරක ජපානය පරාජය කරමින් ඇමරිකාව එම පදක්කමට හිමිකම් කීවේය.
පළමු කාර්තුවේදී ලකුණු 23-14 ක් ලෙස පෙරමුණගත් ඇමරිකාව, දෙවැනි කාර්තුවේදී තවත් ලකුණු 27 ක් රැස් කීරීමට සමත් විය. දෙවැනි කාර්තුවේදී ලකුණු 25 ක් රැස්කිරීමට ජපානය සමත් වුවද, ලකුණු 50-39 ක් ලෙස ඇමරිකාවට පෙරමුණ ගෙන දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය.
තෙවැනි කාර්තුව තුළදී ලකුණු 25 ක් රැස්කිරීමට ඇමරිකාව සමත් වෙද්දී, ජපානය රැස්කිරීමට හැකි වූයේ ලකුණු 17 ක් පමණි. ඒ අනුව අවසන් කාර්තුව ආරම්භ වන විටද ඇමරිකාව ලකුණු 75-56 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
අවසන් කාර්තුවේදී ඇමරිකාව (15) අභිබවා යමින් ලකුණු 19 ක් රැස්කිරීමට ජපානය සමත් විය. එහෙත් මුල් කාර්තු තුනේ වාසියත් සමග තරගය නිමාවට පත්වන විට ලකුණු 90-75 ක් ලෙස ලකුණු 15 ක් ඉදිරියෙන් සිටීමට ඇමරිකාවට හැකි විය.
පළමු අවසන් පූර්ව තරගයේදී සර්බියාව එරෙහිව ලකුණු 79-59 ක ජයක් වාර්තා කරමින් ඇමරිකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ජපානය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්‍රංශයට එරෙහිව ලකුණු 87-71 ක ජයක් වාර්තා කරමිනි.
අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ප්‍රංශය සහ සර්බියාව අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගය ලකුණු 91-76 ක් ලෙස ජයගැනීමට ප්‍රංශය සමත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.