Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැසිපන්දු විනිසුරු ජානක සමුගනී

පැසිපන්දු විනිසුරු ජානක සමුගනී

editorial - 2022 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පැසිපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණ විනිශ්චයකරුවකුව සිටි ජානක ප්‍රනාන්දු මහතා හදිසියේම අභාවප්‍රාප්ත විය. මිය යන විට 43 වැනි වියේ පසුවූ ජානක ප්‍රනාන්දු මහතා, වසර 10 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේදී මෙන්ම අන්තර්ජාතික පැසිපන්දු තරග විනිශ්චය කර තිබේ.

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ ජානක, පළමුවෙන්ම කොළඹ පැසිපන්දු සමාජයේ නිත්‍ය සාමාජිකයකු විය. පසුව ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ජානක, දශක දෙකකට ආසන්න කාලයක් යුද හමුදා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වයද හෙබවීය.

වසර 2011 දී අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ බලය ලත් විනිශ්චයකරුවකු වීමෙන් පසුව සිය වෘත්තීය දිවියේ සීඝ්‍ර දියුණුවක් ඇතිකරගත් ජානක ප්‍රනාන්දු මහතා, ඉතාමත් සුහද මෙන්ම සාධාරණ විනිශ්චයකරුවකු ලෙසින් පැසිපන්දු පිටියේ කා අතරත් ජනප්‍රියව සිටියේය.
 
ඔහුගේ දේහය, පන්නිපිටියේ ඇරැව්වල, පීටර් සමරතුංග මාවතේ අංක 6/388 දරන නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 9 වැනිදා (බ්‍රහස්පතින්දා) සවස 4.00 ට ඇරැව්වලදී සිදුකෙරේ.

- 213


අදහස් (0)

පැසිපන්දු විනිසුරු ජානක සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.