Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් කණ්ඩායමට සල්ලි හොයාගන්න වෙයි

පිහිනුම් කණ්ඩායමට සල්ලි හොයාගන්න වෙයි

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගුවන් ප්‍රවේශපත්‍ර වියදම දරා ගැනීමේ පදනම මත ‘බර්මින්හැම්’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් දෙදෙනකු හා ක්‍රීඩිකාවකගෙන් සමන්විත ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමකට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවෙන් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දිමුත් අකලංක පීරිස් සහ ගංගා සෙනවිරත්න පිහිනුම් ඉසව් සඳහාත්, සුරංජිත් ප්‍රනාන්දු දියපිණුම් ඉසව්වෙන් ද 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නිර්දේශවී තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල ජුලි 28 සිට අගෝස්තු 8 දක්වා එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවර දී පැවැත්වේ.

දිමුත් අකලංක මීටර් 50 හා මීටර් 100 – (පිරිමි) පසුපස ආර, මීටර් 50 (පිරිමි) සමනලආර යන ඉසව් සඳහා තරග වදියි. මීටර් 50 හා මීටර 100 පසුපස ආර (කාන්තා) ඉසව් නියෝජනය කරමින් ගංගා සෙනවිරත්න පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දිය පිනුම් ක්‍රීඩක සුරන්ජන් ප්‍රනාන්දු අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ ශිෂ්‍යත්වයක් ද හිමිකර ගනිමින් එරට පුහුණුවීම් හදාරයි. දිමුත් අකලංක පීරිස් මෙන්ම ගංගා සෙනවිරත්න ද පසුගියදා  එමීර් රාජ්‍යයේ දී පැවැති ලෝක පිහිනුම් ශූරතා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

දිමුත් පොදුරද මඩුලු ක්‍රීඩා තේරීම් සඳහා සහභාගි වන විට මීටර් 100 හා මීටර් 50 පසුපස ආර පිරිමි ඉසව්වේ ලොව හොඳම ක්‍රීඩකයෝ 50 දෙනා අතරට ඇතුළත්ව සිටියේය.
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රකට පිහිනුම් ශූරයෙකු වන මැතිව් අබේසිංහ මෙම තේරීම් සඳහා සහභාගි නොවූ බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2019  කත්මන්ඩු සාෆ් ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් රන් පදක්කම් හතක් දිනා වාර්තාවක් පිහිටවූ 26 හැවිරිදි මැතිව් අබේසිංහ පිහිනුම් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින බව මේ වන විට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.


අදහස් (0)

පිහිනුම් කණ්ඩායමට සල්ලි හොයාගන්න වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.