Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 දී ලෝක කුසලාන දිනාගැනීමෙන් වසර 25 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඕස්ට්‍රේලියාවේ ‘ද හර්ඩ්ලර්’ ආයතනය විසින් නිර්මාණය කරන ලද සුවිශේෂී සිහිවටන සීමිත සංඛ්‍යාවක් ක්‍රිකට් ලෝලීන් අතර අළෙවි කෙරිණ. ඒවායින් එකක්, 1975 මුල්ම ලෝක කුසලාන තරගාවලියේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින, පුරෝගාමී දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාට පිරිනැමීම සඳහා ‘ද හර්ඩ්ලර්’ ආයතනය විසින් ශ්‍රී ලංකාවට එවා තිබිණ.
එම සිහිවටනය ශ්‍රී ලංකාවේ දැනට සිටින පැරණිතම ජාතික කණ්ඩායම් සාමාජිකයකු වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා විසින් පර්සි අබේසේකර මහතාට පිරිනමන ලදි. ශ්‍රී ලංකාවේ පැරණිතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය වන කොළඹ ඕවල් (පී.සරවනමුත්තු) ක්‍රීඩාංගණයේදී මෙම සිහිවටනය පර්සි අබේසේකර මහතාට පිරිනැමිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.