Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වොලිබෝල් පුහුුණුකරුවන් සඳහා වන අදියර II ජාත්‍යන්තර පාඨමාලාව 2015 ඔක්තෝබර් මස 06 වැනි දින සිට 18 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි අන්තර් ජාතික වොලිබෝල් සම්මේලන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
මෙම පාඨමාලාව ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින්ද අයදුම්කරුවන් ඉදිරිපත් කිරීමට අදහස් කර ඇත.
මේ සඳහා අදියර I සමත් වු ක‍්‍රියාකාරී පුහුණුකරුවන් සම්මුඛ පරීක්ෂණයකට පසුව තෝරා ගන්නා අතර ඒ සඳහා වන වියදම් පුහුණුකරුවන් විසින් දැරිය යුතු වේ.
සියලූම ඉල්ලූම්පත් මේ මස 15 වැනිදාට පෙර ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, 33 ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාර දෙන මෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය නිවේදනය කරයි.
දුරකතන අංක 0718508900 ඔස්සේ සී. රත්නමුදලි මහතා ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
- 085
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.