Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෙර අර්ධ අවසන් පූර්ව තරග වටය හෙට සිට

පෙර අර්ධ අවසන් පූර්ව තරග වටය හෙට සිට

Nisanka Sandeepani - 2018 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් අදියරට පැමිණ තිබෙන අන්තර් සමාජ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ (2017-18 පෙර අර්ධ අවසන් (16 දෙනාගේ) වටයේ තරග හෙට (6) සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

මෙම තරග වටයේ වැදගත්කම වන්නේ එහි ජයග්‍රාහී කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් සපුරා ගැනීමය.

කෙසේ වුවත් 32 දෙනාගේ තරග වටයේ තවත් තරග දෙකක් හෙට සහ අනිද්දා (6-7) පැවැත්වෙන අතර එහි ජයග්‍රාහී කණ්ඩායම් පෙර අර්ධ අවසන් පූර්ව වටයට වරම් උදාකර ගනියි. 

ඒ අනුව  හෙට (6) ගම්පොල විඟුලවන්ත පිටියේ දී ගම්පොල රෙඞ්සන් කණ්ඩායම හා රත්නපුරය මහ නගර සභා කණ්ඩායම අතරද, අනිද්දා (7) මාවනැල්ල යුනයිටඞ් කණ්ඩායම හා මධ්‍යම ගමනා ගමන මණ්ඩල කණ්ඩායම අතර මහර බන්ධනාගාර පිටියේදීත් එම 32 දෙනාගේ වටයේ ඉතිරි තරග දෙක පැවැත්වේ.

 අවසන් වරට 2016 වසරේදී පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ නිව් ස්ටාර් කණ්ඩායමට එරෙහිව හෙට තරග වදියි. 

ඒ අතර එවර අනුශූරතාව ලද ජාවාලේන් ක්‍රීඩකයෝ අනිද්දා (7) කොළඹ කණ්ඩායමට එරෙහිව තරග වදිති. කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම පසුගිය වසරේ ප්‍රධානතම තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම ද වෙයි.

ශ්‍රී ලංකා  පාපන්දු සම්මේලනයේ තරග කමිටුවේ කළමනාකරු අසීෆ් අන්සර් මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ තරගාවලියේ අර්ධ අවසන්, අවසන් පූර්ව හා අවසන් මහ තරගය  සඳහා  දින ඉදිරියේදී තීරණය කෙරෙන බවයි. 

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ තරග වටය පැවැත්වෙන ආකාරය 

(ඔක්තෝබර් 6) 
● යුද හමුදාව- කොළඹ නිව්ස්ටාර් අතර සිටි ලිග් පිටියේ දී 

(ඔක්තෝබර් 7)
● ජාවාලේන්- කොළඹ අතර කැළණිය පාපන්දු පිටියේ දී.
● නාවික හමුදාව හෝ සෝන්ඩර්ස් -කොළඹ එවරෙඩි අතර බැද්දගාන පාපන්දු  පිටියේ දී.
● ගුවන් හමුදාව -රිනවුන් අතර වැලිසර නාවික හමුදා පිටියේ දී 

(ඔක්තෝබර් 8)
● පොලිස් -මීගමුව යූත් අතර කැළණිය පාපන්දු පිටියේ දී

(ඔක්තෝබර් 10) 
වෙන්නප්පුව නිව්යංග්ස් ගම්පොල රෙඞ්සන් හෝ රත්නපුරය නගර සභාව අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් පිටියේ දී.
● බන්ධනාගාර-යාපනය ශාන්ත නිකලස් අතර යාපනයේදී
● මාවනැල්ල යුනයිටඞ්-කිලිනොච්චිය උර්තිරපුරම් අතර අනුරාධපුරයේදී  


අදහස් (0)

පෙර අර්ධ අවසන් පූර්ව තරග වටය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.