Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ I කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (12 වැනිදා) ආරම්භ වෙයි. පෙර අර්ධ අවසන් පූර්ව තරග මේ මස 15 වැනිදා වන විට අවසන් වන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජනවාරි මස 5 වැනිදා වන විට අවසන් වීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් 4 අතර තරග ලීග් ක්‍රමයට තරග පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනට අනුව තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ.
තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 73 ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් එහිදී කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ. ඒ අතුරින් දෙවැනි වටයට කණ්ඩායම් 32 සුදුසුකම් ලබාගත් අතර එහිදී කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් 16 තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
මොරටුව වේල්ස් කුමර විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ මහානාම විදුහල, පානදුර රාජකීය විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, කළුතර තිස්ස විදුහල සහ ගාල්ල මහින්ද විදුහල තමන් නියෝජනය කළ කාණ්ඩවල ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියහ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම්
මොරටුව වේල්ස් කුමර විදුහල, කොළඹ ශන්ත ජෝෂප් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, අම්බලන්ගොඩ ධර්මශෝක විදුහල, කොළඹ මහානාම විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, පානදුර රාජකීය විදුහල, කොළඹ නාලන්දා විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කළුතර තිස්ස විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, ගාල්ල මහින්ද විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග සහ පැවැත්වෙන ස්ථාන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.