Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පේරු සංචාරයට කෝටි තුනහමාරක් අනුමතයි

පේරු සංචාරයට කෝටි තුනහමාරක් අනුමතයි

editorial - 2024 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

යොදා ගත් පරිදි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පේරු රාජ්‍යයේදී සදුදා (26) ආරම්භ වන ලෝක ශූරතා වයස 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.

එහි ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා ලංකාදීප ය කළ විමසුමකදී පැවැසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ තුනකින් ලබන ඉරිදා (25) සිට සංචාරය සදහා ලීමා නුවර බලා පිටත්ව යන බවයි.

එහිදී තරගාවලිය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වේ. මලල ක්‍රීඩා ආයතනයේ ලේකම්වරයාගේ ප්‍රකාශය තහවුරු කරමින් ඊයේ පස්වරුවේදී ලංකාදීපයට අදහස් දැක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා ඒ සදහා අරමුදල් ලැබුණු බැවින් යොදා ගත් පරිදි පේරු ලෝක ශූරතා තරග සංචාරයට ශ්‍රී ලංකාව සහභාගි වන බවයි.

වාර්තා වන පරිදි මෙම තරග සංචාරය සදහා ආසන්න වශයෙන් වැය වන රුපියල් කෝටි තුනහමාරක මුදලක් ජනාධිපති අරමුදලෙන් මුදා හැරීමට තීරණය වී තිබේ.

මෙම වසරට විදෙස් තරග සංචාර සදහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙන් කර තිබූ අරමුදල් අවසන්වී තිබෙන බවට ප්‍රකාශ පළවීමෙන් පසුව වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා මත ශ්‍රී ලංකා කණ්ඩායමේ පේරු තරග සංචාරය පෙරේදා (20) වන තෙක් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් ඊයේ වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද පැවැසීය. ”

සංචාරයට අවශ්‍ය අරමුදල් සොයා ගත්තා. දැන් අපි උත්සහ කරන්නේ කළින්ම ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් කර හරින්නයි.

සමහරු මේ සිද්ධිය යොදා ගෙන ක්‍රීඩා අමාත්‍යාංශයටත් මටත් මඩ ගහන්න උත්සහ ගත්තා.පෞද්ගලික අනුග්‍රාහකයන් මගින් අරමුදල් හොයා ගන්නත් මේ අතරදී මම ලොකු උත්සහයක් ගත්තා.නමුත් සාර්ථක වුණේ නෑ.දැන් මේ ප්‍රශ්නයට අපි ඉල්ලා සිටි පරිදි ජනාධිපති අරමුදල මැදිහත් වෙලා ඉන්නවා.දැන් කිසිදු ප්‍රශ්නයක් නෑ. සංචාරය සිද්ධ වෙනවා.”

‍ලීමා නුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමේදී ලබන ඉරිදා, සදුදා හා අගහරුවාදා (25 - 26 -27) කාන්ඩ තුනකින් එම පිටත්ව යාම සිදු කෙරේ.


අදහස් (0)

පේරු සංචාරයට කෝටි තුනහමාරක් අනුමතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.