Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොදු රාජ්‍ය මණ්ඩල - ආසියානු පදක්කම් දිනන්න මිලියන 100ක් වෙන් කරයි

පොදු රාජ්‍ය මණ්ඩල - ආසියානු පදක්කම් දිනන්න මිලියන 100ක් වෙන් කරයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කී‍්‍රඩා ඉසව් 15ක ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් ලබාදීමට කී‍්‍රඩා ඇමැති මහින්දාන්ද අලූත්ගමගේ මහතා තීරණය කර තිබේ.

ජාතික කී‍්‍රඩා සංගම් ප‍්‍රධානින් පිරිසක් සමග පැවැති සාකච්ඡවක දී තීරණය වූ පරිදි මෙම ප‍්‍රතිපාදන  වෙන් කෙරෙන්නේ එළඹෙන පොදු රද මඩුලූ කී‍්‍රඩා උළෙල හා ආසියානු කී‍්‍රඩා  උළෙලට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉලක්ක කරමිනි.

එම කී‍්‍රඩා උළෙලවලදී පදක්කම් දිනා ගැනීමේ වැඩි ඉඩක් පවත්වන කී‍්‍රඩා ඉසව් 10ක් සඳහා එහිදී අවධානය යොමු කළ බව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මලල කී‍්‍රඩා රග්බි, බැට්මින්ටන්, ඉලක්කයට වෙඩි තැබීම, බර ඉසිලීම, බොක්සින්, වෙරල වොලිබෝල්, මේසපන්දු. දැල්පන්දු,  ජුඩෝ. පාපන්දු, දුනුවිඳීම පිහිනුම්, රුවල් ඔරු යන ඉසව් හැරෙන්නට පළමු වතාවට කි‍්‍රකට් කි‍්‍රඩාව සඳහා ද කී‍්‍රඩා අමාත්‍යාංශය මුදල් වෙන් කිරීම විශේෂ සිද්ධියක් බව කී‍්‍රඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන් මහතා පවසයි.

අදාළ ප‍්‍රතිපාදන සැලසුම් සහගත  වැඩසටහනක් යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ පුහුණුවීම්, කී‍්‍රඩා උපකරණ මිලදී ගැනීම ආහාර හා පරීක්‍ෂණ වියදම් සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම ඇතුළු යටිතල පහසුකම් රැුසක් සඳහා යොදා ගැනෙති.

අදාල කී‍්‍රඩා ඉසව්වලට අයත් ජාතික කී‍්‍රඩා සංගම් ප‍්‍රධානීන් කී‍්‍රඩා ඇමැතිවරයා සමග පැවැති මෙම සාකච්ඡවට සහභාගි වූහ.


අදහස් (1)

පොදු රාජ්‍ය මණ්ඩල - ආසියානු පදක්කම් දිනන්න මිලියන 100ක් වෙන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.