Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්

පොලිස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තරගයකදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් හිමිකර ගැනීමට පොලිස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය පොලිස් පිල වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 15 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 92 ක් රැස්කර සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඒ වනවිට පොලිස් පිල රැස්කර තිබිය යුතු වූයේ ලකුණු 88 ක් පමණි.

දිල්හාර පොල්ගම්පොල පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් සහ මහේෂ් ප්‍රියදර්ෂන පන්දු 31 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 39 ක් ලබාගනිමින් පොලිස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

පළමුව පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිලට ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

සදීර සමරවික්‍රම ලකුණු 27 ක් ලබාගත් අතර රොන් චන්ද්‍රගුප්ත ලකුණු 21 ක් ලබාගත්තේය.
ලකුණු 24 කට කඩුපු 4 ක් දවාගත් සුපුන් මදුශංකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ද්‍රවිඩ සංගම් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය.

තවත් තරග 5 ක් අද පැවැති නමුත් වර්ෂාව හේතුවෙන් එම තරග අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළහ.


ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදි සියලුදෙනා දැවී 125
(සදීර සමරවික්‍රම 27, රොන් චන්ද්‍රගුප්ත 21, සුපුන් මදුශංක 24/4)

පොලීසිය - ඕවර 15 කදි කඩුලු 3 ක් දැවී 92
(දිල්හාර පොල්ගම්පොල නොදැවී 40, මහේෂ් ප්‍රියදර්ෂන 39)

 


අදහස් (0)

පොලිස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.