ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන එෆ්. ඒ කුසලාන පාපන්දු තරගයකදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම විසින් රත්නම් පාපන්දු කණ්ඩායම ගෝල 2-0 කින් පරාජය කරන ලදී. කැළණිය පාපන්දු සම්මේලන ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය.
ප්‍රථම භාගයේදී සම්පත් පතිරණද දෙවැනි භාගයේදී මොහමඞ් රිෆ්ඛාන්ද පොලිස් කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබාගත්හ.
මෙම තරගයේදී පොලිස් කණ්ඩායම ක්‍රීඩා කළ විලාශය ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු රූමි පකීර් අලි මහතාගේ විශේෂ පැසසුමට ලක්විය.
චාමික කුමාර විසින් පොලිස් පාපන්දු කණ්ඩායම මෙහෙයවන ලදී. පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා පුහුණුකරු ලෙසට කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.