Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෝෂණ වැඩමුළුව අන්තර්ජාලය ඔස්සේ

පෝෂණ වැඩමුළුව අන්තර්ජාලය ඔස්සේ

editorial - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමය එක්ව ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන්ගේ පෝෂණය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ මෙහෙයවන පළමු පුහුණු පාඨමාලාව මේ මස 31 වැනිදා පැවැත්වේ.

‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පසු පසට තල්ලුවීමට ඇති ඉඩ අඩු කිරීම මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වේ.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක කරන අදියර කීපයකින් සමන්විත මෙම වැඩසටහනේ පළමු අදියරට ජාතික ක්‍රීඩා සංගම් 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් 300 ක් සහභාගි වීමට නියමිතය.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර 0770-169169 යන දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
 

 


අදහස් (0)

පෝෂණ වැඩමුළුව අන්තර්ජාලය ඔස්සේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.