Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප‍්‍රමෝද් - නිමේෂා අර්ධ මැරතන් ශූරතා දිනති

ප‍්‍රමෝද් - නිමේෂා අර්ධ මැරතන් ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියේ පිරිමි අර්ධ මැරතන් තරගයේ තරගයේ ජය මතුගම නවත්තුඩුව මහ විදුහලේ ප‍්‍රමෝද් කන්නංගර විසින්ද කාන්තා අර්ධ මැරතන් තරගයේ ජය වැල්ලවාය බුදුරුවගල මහ විදුහලේ නිමේෂා නිදර්ශනී විසින්ද දිනාගන්නා ලදහ.

කිලෝමීටර් 21.0975 ක දුරකින් සමන්විතවූ අර්ධ මැරතන් තරගය අවසන් කිරීමට ප‍්‍රමෝද් කන්නංගරට පැය 1 මිනිත්තු 13 තත්පර 57 ක කාලයක් ගතවී තිබුණ අතර නිමේශා නිදර්ෂනීට ඒ සඳහා ගතවී තිබූ කාලය පැය 1 මිනිත්තු 32 තත්පර 13 කි.

කිලිනොච්චිය මධ්‍ය මහ විදුහලේ ඇන්තනී ඩෙල්මන් (පැ 1 වි 16: 05) පිරිමි අංශයේ දෙවැනි ස්ථානයත්, වැලිමඩ ලූනුවත්ත මධ්‍ය මහ විදුහලේ තරිඳු මධුෂාන් ( පැ 1 වි 16: 12) එහි තෙවැනි ස්ථානයත් දිනාගත්හ.

හිල්ඔය ශ්‍රී සුමංගල මහ විදුහලේ හර්ෂණී තරංගිකා (පැ 1 වි 35: 10) සහ වැල්ලවාය බුදුරුවගල මහ විදුහලේ කල්පනී ශෂිකලා (පැ 1 වි 35: 13) පිළිවෙළින් කාන්තා අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත්හ.

පානදුර ශ්‍රී සුමංගල විදුහල ඉදිරිපිටින් පසුගිය ඉරිදා උදෑසන ආරම්භ කර පානදුර - හොරණ මාර්ගයේ බණ්ඩාරගම ගැළනිගම හන්දිය දක්වා ගොස් නැවත ශී‍්‍ර සුමංගල විදුහල අසලට පැමිනීමෙන් පසු මෙම අර්ධ මැරතන් තරගය අවසන් විය.

036


අදහස් (0)

ප‍්‍රමෝද් - නිමේෂා අර්ධ මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.