Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංගම් දෙකක් ස්ථාපිතවීමෙන් ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ උද්ගතවී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමය විශේෂ මහ සභා රැුස්වීමක් මෙම 25 වැනිදා කැඳවා තිබේ. එදින පෙරවරු 10 ට විශේෂ මහ සභා රැස්වීම එම සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමය නොබෝදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවමින් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය නිසා ඒ වනවිට ක්‍ෂේත‍්‍රයේ අර්බුදයක් නිර්මාණය වී තිබේ.
එම වෙන්වීමට විරෝධය පළ කළ සංගමයේ සාමාජිකයන් පිරිසක් එකතුව පිහිටුවාගත් නව සංගමයේ සාමාජිකත්වය පිළිගැනීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය කටයුතු කිරීමත් සමඟ තත්ත්වය තවත් සංකීර්ණ විය.
මේ අතර ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමය වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් වාර්තා වේ.
තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ දැන් ක‍්‍රියාත්මක ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගම් දෙකට ඒකාබද්ධව කටයුතු කරන ලෙස ලෝක ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමය දැනුම්දී ඇතැයි ද වාර්තා වේ. මලල ක‍්‍රීඩා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා ප‍්‍රවීනයන්ගේ සංගමය නැවතත් කළ ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂේප වූ බව ද වාර්තා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.