Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ථ ලංකා ප‍්‍රවිණයින්ගේ මලල ක‍්‍රීඩා සංගමය සහ පුත්තලම් දිස්ත‍්‍රික් ප‍්‍රවිණයින්ගේ සංගමය සංවිධානය කරන සහාය දිවිමේ සැණකෙළිය මේ මස 22 වැනිදා පෙරවරු 10.00 ට වෙන්නප්පුව ශී‍්‍රිමත් ඇල්බට් එෆ්. පිරිස් කී‍්‍රඩාංගණයෙදී පැවැත්වේ. වයස් කාණ්ඩ 4 කින් පැවැත්වෙන මෙම තරගාවලිය ප‍්‍රවීණ කී‍්‍රඩකයන්ට මෙන්ම කී‍්‍රඩිකාවන්ටද විවෘතවේ.
වයස 35-44, වයස 45-54, වයස 55-64 සහ වයස 65 න් ඉහළ යන වයස් කාණ්ඩ වලින් තරගාවලිය පැවැත්වේ. මීටර 100×4, මීටර 200×4, මීටර 400×4 සහ මිශ‍්‍ර සහාය (මීටර 800/මීටර 400/මීටර 200/මීටර 100) දිවීම මෙම සැණකෙළියට ඇතුළත් වන තරග ඉසව් වේ.
ශී‍්‍ර‍්‍රි ලංකා ප‍්‍රවිණයින්ගේ සංගමයේ සාමාජිකත්වය හිමි වයස අවුරුදු 35 ට වැඩි කී‍්‍රිඩකයින්ට සහ කී‍්‍රඩිකාවන්ටද, දිස්ත‍්‍රික් මට්ටමේ කී‍්‍රිඩා සමාජවල කී‍්‍රිඩක කී‍්‍රිඩිකාවන්ට මෙම සැණකෙළියට සහභාගිවිය හැකි බව සංවිධායකයෝ කියති.
දුරකථන අංක 071-3573708 ඔස්සේ පුත්තලම් දිස්ත‍්‍රික් ප‍්‍රවිණයින්ගේ සංගමයේ සභාපති යු. එම්මානුවෙල් ප‍්‍රනාන්දු මහතා ඇමතීමෙන් හෝ මෙම සැණකෙළිය පිළිබද වැඩි තොරතුරු ලබා ගත හැකිය. ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.