Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පරාජයට හේතුවයි

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පරාජයට හේතුවයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 11 Comment
A A A

ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී අසාර්ථක වීම පරාජයට ප‍්‍රධාන හේතුව වූ බවත් පන්දු යවන්නන්ට චෝදනා කළ නොහැකි බවත් පාකිස්තානයට එරෙහිව සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පරාජයෙන් පසුව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ඇන්ජලෝ පවසන්නේ අද (20) පෙරවරුවේ අවසන් පිතිකරුවන් පස් දෙනා කලින්ම දැවී යෑම පරාජයට හේතු වූ බවයි.

තරගාවලියේ වීරයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් අද සවස පැවැති පුවත් පත් සාකච්ඡවේදී  වැඩි දුරටත් මෙසේ පැවසීය.

”මේ තරගය පරාජය වීමට ප‍්‍රධාන හේතුව දෙවැනි ඉනිමේ පිතිකරණයි. දෙවැනි ඉනිමේදී පිතිකරුවන් වැඩි සංඛ්‍යාවක් දැවී ගියේ පන්දු යවන්නන්ගේ හොද පන්දුවලින් නොවෙයි, පිතිකරුවන්ගේ වැරැද්දෙන්. මෙම තණතීරුවේ ලකුණු 214 ක් රැස්කර ජය ගන්න අමාරුයි. මෙහිදී විශේෂයෙන් කියන්න  ඕනේ පන්දු යවන්නන්ට චෝදනා කරන්න බෑ, පිතිකරුවන් පරාජයේ වගකීම බාර ගන්න  ඕනේ”

’‘ඊයේ (19 වැනිදා) පස්වරුවේ ලකුණු 100 කට කඩුලූ පහක් දැවී ගියා. ඒ අවස්ථාවේ අපි තරගාවලිය ජය ලබා සිටින බව දැනගෙන සිටි ඒ නිසා පොඞ්ඩක් පසු පසට ගියා. ඒ අවස්ථාවේ විශාල අවදානයක් ගැනීම සුදුසු නෑ යැයි සිතුවා”

රංගන හේරත් දිගින් දිගටම පා ඉන්න ප‍්‍රදේශයෙන් පන්දු යැවීම පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.

”තණතීරුව දග පන්දු යවන්නන්ට එතරම් සහයක් දැක්වුයේ නෑ. ඒ ප‍්‍රදේශය පන්දු යවන්නන් පන්දු යවන විට කඩතොඵ වී තිබුණා, ඒ වාසියෙන් කඩුලූ ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පා ඉන්න දෙසට පන්දු යැව්වා”

”අපි තරගාවලිය පුරාම හොදින් ක‍්‍රීඩා කළා, නමුත් අවසන් දිනයේ පිතිකරුවන් කළ පොඩි වැරැද්දෙන් තරගය පරාජයට පත්වුණා”

මහේල ජයවර්ධන දෙවැනි ඉනිමේදී පන්දු රැකීමට නොපැමිණීමට ඇන්ජලෝ මෙසේ හේතු දැක්වීය.

”ඊයේ පස්වරුවේ සිට මහේලගේ කොන්දේ ආබාධයක් ඇති වී තිබෙනවා. ඔහුව අපිට බංග්ලාදේශ තරගාවලියට අවශ්‍ය  නිසා අපි පන්දු රකින්න කැදව්වේ නෑ”
ශ‍්‍රී ලංකා පිලට මෙම තරගයේදී නීත්‍ය පිට දග පන්දු යවන්නා ලෙස කැදවූ ඩිල්රුවන් පෙරේරාට එකම  ඕවරයක්වත් යැවීමේ අවස්ථාව නොදීම පිළිබදව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”අපි දැනගෙන හිටියා  ඕවර 60 කදී ලකුණු 300 ක් ලබා ගන්න හැකි බවයි. පාකිස්තානු පිලේ දකුණත් පිතිකරුවන් වැඩියි, ඔවුන්ගේ පිලේ ඉන්නේ එක වමත් පිතිකරුවයි. සාජා ක‍්‍රීඩාංගණය එතරම් විශාල ක‍්‍රීඩාංගණයක් නොවෙයි,  ඕනෑම වෙලාවක පිතිකරුවකුට හයේ පහරක් ගහන්න පුඵවන්.

මම කියන්නේ නෑ ඩිල්රුවන් නරකට පන්දු යැව්වා කියා, අපි ඩිල්රුවන්ව කැදවීම පස්සට දැම්මා. රංගන හේරත් දකුණත් පිතිකරුවන්ට හොදින් පන්දු යවනවා. ඒ වගේම වේග පන්දු යවන්නන් දෙදෙනාත් හොදින් පන්දු යවා තිබුණා. ඒ නිසා කඩුලූ ලබා ගැනීම තමයි මගේ ඉලක්කය වුණේ”

 


අදහස් (11)

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පරාජයට හේතුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.