Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල මැදි විදුහල අ.අ.පූර්ව වටයට

පිළියන්දල මැදි විදුහල අ.අ.පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පිළියන්දල මැදි විදුහල අද (1 වැනිදා) සමත්විය.

පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හොරණ තක්‍ෂිලා මැදි විදුහලට එරෙහිව කඩුලු 2 ක ජයක් ලබාගැනීමට පිළියන්දල මැදි විදුහල සමත්විය.

සඳුන් සත්සර කඩුලු 4 ක් ද මල්ෂාන් ගුණතිලක සහ හේෂාන් මදුශංක කඩුලු 3 බැගින්ද දවාගනිමින් තක්‍ෂිලා මැදි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.


තක්‍ෂිලා මැදි විදුහල - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(උමේෂ් ප්‍රසාද් 36, චමිඳු රන්විනු 23, සඳුන් සත්සර 16/4, මල්ෂාන් ගුණතිලක 34/3, හේෂාන් මදුශංක 09/3)

පිළියන්දල මැදි විදුහල - ඕවර 29.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 131
(හේෂාන් මදුශංක 35, චමෝද් සඳරු නොදැවී 27, සඳුන් සත්සර 21, මල්ෂාන් ගුණතිලක 21, තිළිණ තාරින්ද 31/4, සිනෙත් වින්විනු 31/2)

 


අදහස් (0)

පිළියන්දල මැදි විදුහල අ.අ.පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.