Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංගලාදේශය දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී

බංගලාදේශය දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර බංග්ලාදේශයේ ඛුල්නා නගරයේ ශෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 162 ක ජයක් අත්කර ගැනීමට බංගලාදේශ පිල සම්ත්විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුහු සමත්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 314 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට තරගයේ අවසන් භාගය වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 151 ක් පමණි.

ලකුණු 65 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ බංගලාදේශ පිල, දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කර සිටියේය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල සියලූ දෙනා දැවී ලකුණු 368 ක් රැස්කළේය. එහිදී තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ හැමිල්ටන් මසකඞ්සා, ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් අන්තර්ගත කළේය.

හතරේ පහර 13 ක් සමගින් තම පළමු ටෙස්ට් ශතකය රැස්කළ රෙයිගිස් චකබ්වා සිම්බාබ්වේ ඉනිම ගොඩනැගීම සඳහා මසකඞ්සාට මනා සහයක් දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල, සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 433 ක් ලබාගත් අතර තමීම් ඉක්බාල් (109) සහ ශකීබ් අල් හසන් (137) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වූ ශකීබ් අල් හසන්, සිම්බාබ්වේ පිලේ ඉනිම් දෙකේදීම කඩුලූ 5 බැගින් දවාගෙන ටෙස්ට් තරගයක ශතකයක් රැස්කරමින්, කඩුලූ 10 ක්ද දවාගෙන ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය.  


බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 433
(තමීම් ඉක්බාල් 109, මොනමුල් හක් 35, මහමදුල්ලා 56, ශකීබ් අල් හසන් 137, තයිජුල් ඉස්ලාම් 32, ටිනාෂේ පන්යන්ගාරා 49/2, ටෙන්ඩායි චටාරා 61/2, මැල්කම් වෝලර් 65/2)

සිම්බාබ්වේ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 368
(බ‍්‍රයන් චැරී 25, හැමිල්ටන් මසකඞ්සා 158, බ්‍රෙන්ඩන් ටේලර් 37, කේ‍්‍රග් එර්වින් 17, රෙයිගිස් චකබ්වා 101, ශකීබ් අල් හසන් 80/5, තයිජුල් ඉස්ලාම් 96/3, රුබෙල් හුසෙන් 55/2)

බංග්ලාදේශ පිල - දෙවැනි ඉනිම කඩුලූ 9 ක් දැවී 248
(තමීම් ඉක්බාල් 20, ශම්සූර් රෙහෙමාන් 23, මොනමුල් හක් 54, මහමදුල්ලා 71, ශුවගත හෝම් 50, මැල්කම් වෝලර් 59/4, නට්සායි ම’ශංග්වේ 82/4)

සිම්බාබ්වේ පිල - දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 151
(හැමිල්ටන් මසකඞ්සා 61, කේ‍්‍රග් එර්වින් 21, රෙයිගිස් චකබ්වා 27, ශකීබ් අල් හසන් 44/5, තයිජුල් ඉස්ලාම් 44/3, ජුබේර් හුසෙන් 42/2)


- 036


අදහස් (0)

බංගලාදේශය දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.