Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (26 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 124 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංගලාදේශ පිල සමත්විය.
ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය, තරග 3 ක් අවසන් වන විට 3-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංගලාදේශ කී‍්‍රඩකායෝ සමත්වූහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 298 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට ඕවර 39.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 173 ක් පමණි.
සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ එල්ටන් චිගම්බූරා පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් රැස්කළේය.
ලකුණු 27 කට කඩුලූ 4 ක් දවාගත් අර්ෆර් සනී, සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 297 ක් ලබා ගත්තේය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 155 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටමීම් ඉක්බාල් (40) සහ එනමුල් හක් (95), බංගලාදේශ පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 120 කින් වාර්තා වූ එනමුල් හක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය.
අවසන් ඕවර කිහිපයේදී පන්දු 22 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 33 ක් රැස්කළ මහමදුල්ලා, බංගලාදේශ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංගලාදේශ පිලට ආරාධනා කර සිටියේය.
බංගලාදේශ පිල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 297
(ටමීම් ඉක්බාල් 40, එනමුල් හක් 95, මෙමිනුල් හක් 15, ශකීබ් අල් හසන් 40, මුෂ්ෆිකුර් රහීම් 33, මහමදුල්ලා නොදැවී 33, සබීර් රෙහෙමාන් 22, ටිනාෂේ පන්යන්ගාරා 54/2)
සිම්බාබ්වේ පිල - ඕවර 39.5 කදී සියලූ දෙනා දැවී 173
(බ්‍රෙන්ඩන් ටේලර් 28, එල්ටන් චිගම්බූරා නොදැවී 53, අර්ෆට් සනී 27/4, රුබෙල් හුසේන් 22/2, මෂ්රෆී මොටාසා 24/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.