Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංගලාදේශය 3-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

බංගලාදේශය 3-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

ශනුක අරවින්ද - 2014 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 186 ක ජයක් අත්කරගත් බංගලාදේශ පිල, තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජය ගැනීමට සමත්විය.

පළමු ඉනිමේදී ලකුණු 48 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 131 ක් රැස්කළ මොමිනුල් හක් තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලිය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ සකීබ් අල් හසන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 449 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට සියලූ දෙනා දැවී රැුසකරගත හැකිවූයේ ලකුණු 262 ක් පමණි.

දක්ෂ පිතිහරඹයක නිරතවු රේගිස් චකබ්වා, ලකුණු 89 ක් ලබා සිම්බාබ්වේ ඉනිම නිමා වන තුරුම එක් අන්තයක් රැකගෙන සිටි අතර ඔහුගේ සහයට අනෙක් අන්තයේ කිසිවකු නොවීම, තරගය පරාජය වීමට ප‍්‍රධානම හේතුව විය.

රුබෙල් හුසේන් (16/2), ශෆියුල් ඉස්ලාම් (17/2), ජුබේර් හුසේන් (56/2) සහ ශුවගත හොම් (66/2) කඩුලූ 2 බැගින් දවාගනිමින් බංගලාදේශ පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

ලකුණු 129 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ බංගලාදේශ පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කර සිටියේය.

එහිදී තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ සිව්වැනි ශතකය (නොදැවී 131) ලබාගැනීමට මොමිනුල් හක් සමත්වූ අතර හතරේ පහර 13 කින් ඔහු සිය ඉනිම අලංකාර කළේය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට, සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 374 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සියලූ දෙනා දැවී ලකුණු 503 ක් ලබාගත්තේය.

බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 503     
(ටමීම් ඉක්බාල් 109, ඉම්රුල් කේයස් 130, මොමිනුල් හක් 48, මහමදුල්ලා 17, සකීබ් අල් හසන් 71, මුෂ්ෆිකුර් රහීම් 15, ශුවගත හොම් 35, රුබෙල් හුසේන් නොදැවී 45, සිකන්දර් රාසා 123/3, ශින්ගි මසකඞ්සා 77/2, ටිනාෂේ පන්යන්ගාරා 70/2)

සිම්බාබ්වේ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 374
(සිකන්දර් රාසා 82, හැමිල්ටන් මසකඞ්සා 81, රේගිස් චකබ්වා 65, එල්ටන් චිගම්බූරා 88, රිච්මන්ඞ් මුටුම්බාමි 20, ජුබේර් හුසේන් 96/5, ශෆියුල් ඉස්ලාම් 50/2)

බංග්ලාදේශ පිල - දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 319
(ටමීම් ඉක්බාල් 65, මොමිනුල් හක් නොදැවී 131, මහමදුල්ලා 30, මුක්ෆිකුර් රහීම් 46, ටිනාෂේ පන්යන්ගාරා 31/2)

සිම්බාබ්වේ පිල - දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 262
(සිකන්දර් රාසා 65, හැමිල්ටන් මසකඞ්සා 38, බ්‍රෙන්ඩන් ටේලර් 24, රේගිස් චකබ්වා නොදැවී 89, ක්‍රෙග් අර්වින් 16, රුබෙල් හුසේන් 16/2, ශෆියුල් ඉස්ලාම් 17/2, ජුබේර් හුසේන් 56/2, ශුවගත හොම් 66/2)
    
-036

 


අදහස් (0)

බංගලාදේශය 3-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.