Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර ශෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියේය.
තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ආරම්භ පිතිකරු තමීම් ඉක්බාල් නොදැවී ලකුණු 74 ක් සහ ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 13 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 2 ක් ලබාසිටි ශම්සූර් රෙහෙමාන් පිටියෙන් ඉවත් කිරීමට එල්ටන් චිකම්බූරා සමත් වූ අතර මොනමුල් හක් ලකුණු 35 කටත්, මහමදුල්ලා ලකුණු 56 කටත් දවාලීමට ටිනාෂේ පන්යන්ගාරා සමත්විය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකර් රහීම් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
බංග්ලාදේශ පිල - පළමු ඉනිම කඩුලූ 3 ක් දැවී 240
(තමීම් ඉක්බාල් නොදැවී 74, මොනමුල් හක් 35, මහමදුල්ලා 56, ශකීබ් අල් හසන් නොදැවී 13, ටිනාෂේ පන්යන්ගාරා 29/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.