Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී ලබන ජූලි 28 වැනිදා ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වයේ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 22.5ක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ ඊයේ (2) එහි සභාපති ෂම්මි ද සිල්වා මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේදී මුණගැසීමෙන් පසුවය. දෙපාර්ශවයේ ප්‍රධානීන් අතර ඊයේ එහිදී පැවැති සාකච්ඡාවේදී ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට වැඩිදුරටත් ප්‍රතිඥාදී ඇත්තේ ජාතික ක්‍රීඩා අරමුදල හරහා තවත් ජාතික ක්‍රීඩා සංගම් රැසකට ඉදිරියේදී ක්‍රිකට් ආයතනය උපකාර කරන බවයි.
බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ විස්සයි - 20 ක්‍රිකට් තරග මාලාව සඳහා ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ද සහභාගිවීමට නියමිතය.
ඊයේ සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර සමරවික්‍රම හා ක්‍රිකට් ආයතනයේ උපභාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරුද සහභාගි වූහ.
කෙසේ වුවත් මීට පෙර අවස්ථාවකදී ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වූ විට ජාතික ඔලිම්පික් කමිටුව එය ප්‍රතික්ෂේප කර සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.