Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිස්බේන්හි පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට පෙර දැඩි නිරෝධායන නීතිරීති වලට එකඟවීමට ඉන්දීය ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉන්දීය පිලේ අවසන් ටෙස්ට් තරගය නැවත වරක් අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබේ.
තරගාවලියේ තුන්වැනි තරගය ලබන බ්‍රහස්පතින්දා (7 වැනිදා) සිඞ්නි නුවරදී ආරම්භ වීමට නියමිතය. සිඞ්නි නගරය ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් නගරයකි. එහෙත් බි්‍රස්බේන් නගරය ක්වීන්න්ලන්ඞ් ප්‍රාන්තයේ නගරයකි.
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය සහිත රෝගීන් කිහිප දෙනකු සිඩිනි නුවරින් වාර්තා වීමත් සමගම බි්‍රස්බේන් නගරය ඇතුළත් ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තය සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අතර දොරටු වසා දැමිණ. කෙසේ වෙතත් 7 වැනිදා ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ඉන්දීය සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම් දෙකම සඳුදා (4 වැනිදා) සිඞ්නි නුවර බලා පියාසර කිරීමට නියමිතය. එහෙත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත බලධාරීන් අවසර දී ඇත්තේ ටෙස්ට් තරගය නිමාවීමෙන් පසුව සිඞ්නි නුවරදීම නිරෝධායනය වන ක්‍රීඩකයන් ජනවාරි 15 වැනිදා බි්‍රස්බේන් නුවරට පියාසර කරන ලෙසිනි.
“කාටවත් වෙනසක් කරන්න බෑ.. ඔවුන් රතු කලාපයේ සිට පැමිණෙනවා නම් ඔවුන් නිරෝධායනය වෙන්නම ඕනා...මේක ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයයි, ක්‍රිකට් ක්‍රීඩකයනුයි බේරාගත යුතු ප්‍රශ්නයක්” යයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී, වෛද්‍ය ජැනට් යංග් ප්‍රකාශ කළාය.
ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනුව ඕස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කරන්නේ තදබල අගුළුදැමීම් වලට ලක්විය හැකි වාතාවරණයක් තිබේ නම් එහි යාමට ඉන්දීය ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කරන බවයි. ඔක්තෝබර් මාසයේදී ඩුබායිහිදී පැවැති අයි.පී,එල්. තරගාවලිය නිසා ඉන්දීය ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් මාස හයකට ආසන්න කාලයක් කිසියම් හෝ ආකාරයක සිරවීමට ලක්ව සිටිති.
ඕස්ටේ්‍රලියාවට පැමිණි දිනයේ සිටම දින 14 ක නිරෝධායනයකට ලක්වූ ඉන්දීය ක්‍රීඩකයෝ ඇඩිලේඞ්, කැන්බරා, සිඞ්නි සහ මෙල්බර්න් නුවරවලදී වැඩි නිදහසක් භුක්ති වින්ඳාහ. එහෙත් 2021 නව වසර උදාවූ දිනයේදී ඉන්දීය ක්‍රීඩකයන් පස් දෙනෙක් මෙල්බර්න් නුවර අවන්හලකදී රාත්‍රී ආහාරය ගත් වීඩියෝවක් සමාජ ජාල අතරේ පැතිරයාම හේතුවෙන් මෙම ක්‍රීඩකයෝ පස්දෙනා මේ වන විටත් හුදෙකළා කර සිටිති. ක්‍රීඩකයන්ගේ ජෛවගෝලය බිඳිමින් එයින් පිටතට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය සහ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතන මේ වන විටත් පරීක්‍ෂණ කරමින් සිටි. තහවුරු වුවහොත් නීතිරීති බිඳ දැමූ ක්‍රීඩකයන්ට විශාල දඩයකට යටත් වීමට සිදුවනු ඇත.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.