Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ලාබාල වියේදී මලල කී‍්‍රඩකයකු ලෙස කී‍්‍රඩා පිටියට පිවිස, විසිකිරීම් ක්ෂෙත‍්‍රයේ දක්ෂතා දක්වමින් පළමු කී‍්‍රඩා ශිෂ්‍යත්වය දිනා හොරණ තක්ෂිලාවට පිවිසීමෙන් පසුව ජීවිතයේ දිගු ගමනක්් පැමිණි බී. එල්. එච්. පෙරේරා මහතා, පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති 2012 / 2013 විශ්වවිද්‍යාල වර්ණ රාති‍්‍රයේදී සුවිශේෂී සම්මානයක් හිමිකරගත්තේය.
කිසියම් ක්ෂේත‍්‍රයක තමන් අයත් කාර්යයේ දිගු කාලයක් පුරා සාර්ථකව නියැලෙමින් සිටින්නකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ‘ජීවකාල ගෞරව සම්මානය, උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා විසින් ප‍්‍රදානය කරන ලදි.
ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හා මහනුවර ගැටඹේ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා පළමුවෙන්ම කනිෂ්ඨ පාසල් යගුලිය දැමීමේ වාර්ථාව තමන් සතු කරගත්තේය. අනතුරුව පාසල් හා පළාත් මට්ටමේ තවත් ජයග‍්‍රහණයන්ට හිමිකම් කී ඔහු ජාතික තලයේ ජයග‍්‍රහණ ලබා ඇත, දැක්වු දක්ෂතා මත කී‍්‍රඩා ශිෂ්‍යත්වයක් ලබා හොරණ තක්ෂිලාවට පිවිස සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා හා මධ්‍ය පාසල් මලල කී‍්‍රඩා තරගාවලියෙන් යගුලිය දැමීමේ වාර්තා පිහිටුවීය.
ඔහු දැක්වු දක්ෂතා හේතුවෙන් ප‍්‍රථම වරට කී‍්‍රඩා ශිෂ්‍යත්වයක් මත ශි‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයට යාමේ වරම් හිමි විය. ඔහු විසින් දක්වන ලද ජාතික හා පළාත් මට්ටමේ දක්‍ෂතා හේතුවෙන් 1964 වසරේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.
විශ්වවිද්‍යාල මට්ටමෙන් මලල කී‍්‍රඩා, පාපන්දු, කි‍්‍රකට් වැනි කී‍්‍රඩාවන්හි නිරතව ඇති ඔහු 1968 වසරේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයාද විය.
1970 දී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශකවරයකු ලෙස ගුරු වෘත්තියට එක්වූ බී. එල්. එච්. පෙරේරා මහතා මධ්‍යම පළාත් තරුණ බෞද්ධ සංගමයේ ස්වෙච්ඡුා සේවයට ද දායකත්වය සැපයීය. 1972 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශකයෙක් ලෙසත්, 1979 වසරේ කෙටි කාලයක් රුහුණ විශ්වවිද්‍යාලයේත් කටයුතු කළේය. 1979 වසර අවසානයේ වෘත්තිය නිපුණතා ප‍්‍රගුණ කර ගැනීමට විදෙස් ගතවූ බී.එල්.එච්. පෙරේරා මහතා 1988 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බවට පත් විය.
ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියාහි පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති එතුමා ප‍්‍රථම වරට ශී‍්‍ර ලංකාවේ සරසවියක කී‍්‍රඩා හා කළමනාකරණ පාඨමාලාවන් හඳුන්වා දෙමින් සම්ප‍්‍රදායෙන් බැහැරව යමින් කී‍්‍රඩාවට ජීවයක් එක්කරමින් කී‍්‍රඩාව නවමානයකට ගෙන ඒමට සිය ශ‍්‍රමය ධනය මෙන්ම කාලයද කැප කළේය. විශේෂ කී‍්‍රඩා වැඩසටහන් , විනෝදාත්මක කී‍්‍රඩා හා කී‍්‍රඩා කළමනාකරණ වැඩසටහන් ඵලදායි ලෙස ඇතිකිරීමට මහත් වෙහෙසක් දැරීය.
විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයෙන් විශ‍්‍රාම ගොස් පරිපාලන නිලධාරියකු ලෙස, කී‍්‍රඩා අමාත්‍යංශය යටතේ ඇති ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයකු, ජාතික කී‍්‍රඩා සභාවේ නියෝජිතයකු, ජාතික තේරීම් කමිටුවේ ලේකම්වරයකු, ජිම්නාස්ටික් සහ පැසිපන්දු සම්මේලනයන්හි නිලධාරියකු මෙන්ම ආධුනික මලල කී‍්‍රඩා සම්මේලනයේ උපසභාපතිවරයකු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයකු ලෙසත් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙෂත් කී‍්‍රඩාව වෙනුවෙන් තම දායකත්වය සපයා ඇත.
ඉගැන්වීම සහ පර්යේෂණ කෘති පළකිරීමෙහි නිරත වෙමින් කී‍්‍රඩා ක්ෂේත‍්‍රය වෙනුවෙන් තවමත් සකි‍්‍රයව සපයන දායකත්වය අගයනු පිණිස බී.එල්.එච්. පෙරේරා මහතාට 2012 / 2013 විශ්වවිද්‍යාල වර්ණ රාති‍්‍රයේදී සුවිශේෂී මෙම ජීවකාල ගෞරව සම්මානය ප‍්‍රදානය කෙරිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.