Last Update  :  2025-01-08 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බුවනෙක - කවින්දි ති‍්‍රත්ව ශූරතා දිනති

බුවනෙක - කවින්දි ති‍්‍රත්ව ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති ‘වසන්ත සමය’ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලියේදී ති‍්‍රත්ව ශූරතා දිනාගැනීමට බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්නගේ සමත් වූහ.

සචින් ඩයස් සමග එක්ව හසිත චානක සහ රජිත දහනායක පරාජය කරමින් විවෘත පිරිමි යුගළ ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක, සිය සහාය කී‍්‍රඩකයා වූ සචින් ඩයස් පරාජය කරමින් විවෘත පිරිමි කේවල ශූරතාවද දිනාගත්තේය.

ඉන් නොනැවතුන බුවනෙක, කාවින්දි සිරිමාන්නගේ සමග එක්ව හසිත චානක සහ රේණු චන්ද්‍රිකා පරාජය කරමින් මිශ‍්‍ර යුගළ ශූරතාවද තමන් සතුකර ගත්තේය.
 
තිළිණි හෙන්ඳහේවා සමග එක්ව රේණු චන්ද්‍රිකා සහ ඕෂදී කුරුප්පු පරාජය කරමින් විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගත් කාවින්දි සිරිමාන්නගේ, තම සහාය කී‍්‍රඩිකාව වූ තිළිණි හෙන්ඳහේවා පරාජය කරමින් කේවල ශූරතාව දිනාගත්තාය.


ඩිල්මි ඩයස් (17 න් පහළ බාලිකා), ලෝචන ද සිල්වා (15 න් පහළ බාලක) සහ ජනනුවනි අමන්දා (15 න් පහළ බාලිකා) යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද්විත්ව ශූරතා දිනාගැනීමට සමත් වූහ.

මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය, නුවරඑළිය නගර සභාව සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 450 ක් පමණ සහභාගි වූහ.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස නුවරඑළිය නගරාධිපති මෙන්ම මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගම මහතා සහභාගි වූ අතර සෙසු ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපතිවරුන් වන ජීවන් ජයතිලක, පාලිත හෙට්ටිආරච්චි සහ චාමර අලූත්ගේ යන මහත්වරු සහභාගි වූහ.

 

කේවල තරග ප‍්‍රතිඵල

විවෘත පිරිමි
බුවනෙක ගුණතිලක විසින් සචින් ඩයස් පරාජය කරන ලදි.

විවෘත කාන්තා
කාවින්දි සිරිමාන්නගේ විසින් තිළිණි හෙන්ඳහේවා පරාජය කරන ලදි.

19 න් පහළ බාලක
රන්තුෂ්ක කරුණාතිලක විසින් රෙසින්ත ද සිල්වා පරාජය කරන ලදි.

19 න් පහළ බාලිකා
ඉනුරි කුරුප්පු විසින් බුත්මි ගුලගමගේ පරාජය කරන ලදි.

17 න් පහළ බාලක
එස්. ගුණතිලක විසින් ලෙෂාන් මෙන්ඩිස් පරාජය කරන ලදි.

17 න් පහළ බාලිකා
ඩිල්මි ඩයස් විසින් විෂ්මි එදිරිසිංහ පරාජය කරන ලදි.

15 න් පහළ බාලක
ලෝචන ද සිල්වා විසින් රසිඳු හෙන්ඳහේවා පරාජය කරන ලදි.

15 න් පහළ බාලිකා
ජනනුවනි අමන්දා විසින් චතුලි ඉෂාරා පරාජය කරන ලදි.

13 න් පහළ බාලක
සවින්ක වීරසේකර විසින් මහේන් විජේසුන්දර පරාජය කරන ලදි.

13 න් පහළ බාලිකා
හේෂානි පලිහක්කාර විසින් එම්. නල්ලපෙරුම පරාජය කරන ලදි.

11 න් පහළ බාලක
පුලින වේල්ලලගේ විසින් සෙනුක් සමරරත්න පරාජය කරන ලදි.

11 න් පහළ බාලිකා
දස්මිතා ජයතිලක විසින් රනිත්මා ලියනගේ පරාජය කරන ලදි.


යුගළ තරග ප‍්‍රතිඵල

විවෘත පිරිමි
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් හසිත චානක සහ රජිත දහනායක පරාජය කරන ලදහ.

විවෘත කාන්තා
කාවින්දි සිරිමාන්නගේ සහ තිළිණි හෙන්දහේවා විසින් රේණු චන්ද්‍රිකා සහ  ඕෂදී කුරුප්පු පරාජය කරන ලදහ.

විවෘත මිශ‍්‍ර
බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්නගේ විසින් හසිත චානක සහ රේණු චන්ද්‍රිකා පරාජය කරන ලදහ.

19 න් පහළ බාලක
දුලංජන මධුක සහ රෙසින්ත ද සිල්වා විසින් තෙවින් රාහුබැද්ද සහ ගීෂාන් තිලකරත්න පරාජය කරන ලදහ.

19 න් පහළ බාලිකා
බුත්මි ගලගමගේ සහ ටෙෂානි නයනතාරා විසින් කවිෂ්කා ගුණරත්න සහ හසාරා විජේරත්න පරාජය කරන ලදහ.

17 න් පහළ බාලක
භානුක අබේසිංහ සහ ජනිෂ්ක පෙරේරා විසින් ටී. අමරසේකර සහ කවිඳු රාජිත පරාජය කරන ලදහ.

17 න් පහළ බාලිකා
ඩිල්මි ඩයස් සහ අනුරංගි මසකෝරල විසින් විෂ්මි එදිරිසිංහ සහ සිතුමි ගුරුසිංහ පරාජය කරන ලදහ.

15 න් පහළ බාලක
ලෝචන ද සිල්වා සහ ජමීන් ශේෂණ විසින් මොවින් පැලවත්ත සහ චනිරු මිරැන්ඩෝ පරාජය කරන ලදහ.

15 න් පහළ බාලිකා
ජනනුවනි අමන්දා සහ චතුලි ඉෂාරා විසින් යෙහෙනි කුරුප්පු සහ අයිෂ්වර්යා රවිචන්ද්‍රන් පරාජය කරන ලදහ.

 

 


අදහස් (0)

බුවනෙක - කවින්දි ති‍්‍රත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.