Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බොයිඩ් රැන්කින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළේය. මේ වනවිට 36 හැවිරිදි බොයිඩ් රැන්කින් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 75 සහ විස්සයි20 තරග 50 කට ක්‍රීඩා කර ඇත.
වසර 18 ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී එංගලන්තය සහ අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩාකර ඇති රැන්කින් රටවල් දෙකක් වෙනුවෙන් ටෙස්ට් තරග ක්‍රීඩාකර ඇති 15 වැනි ක්‍රීඩකයා වන්නේය.
2007 සිට 2012 දක්වා අයර්ලන්තය නියෝජනය කළ රැන්කින් 2013 සිට 2014 දක්වා එංගලන්තය නියෝජනය කළේය. නැවතත් 2016 සිට 2020 දක්වා බොයිඩ් රැන්කින් අයර්ලන්තය නියෝජනය කළේය.
2014 වසරේදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් රැන්කින් ඕස්ටේ්‍රලියාවට එරෙහිව අළුබඳුන තරගයකට ක්‍රීඩාකළ අතර අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කළේය. අයර්ලන්තය ටෙස්ට් වරම් හිමිකර ගනිමින් පාකිස්තානය සමගින් ක්‍රීඩාකළ මංගල තරගයටද රැන්කින් ක්‍රීඩා කළේය.
දකුණතින් වේග පන්දු යවන රැන්කින් අයර්ලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි දෙකකදී ක්‍රීඩාකර ඇත. 2007 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිවත් 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිවත් ඵෙතිහාසික ජයග්‍රහණ හිමිකරගත් අයර්ලන්ත කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද ඔහු කටයුතු කළේය.
පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල දවාගත් ක්‍රිඩකයා බවට පත්වීමටද බොයිඩ් රැන්කින් සමත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.