Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බ‍්‍රැන්ඩික්ස් දෙපිලම අවසන් මහ තරගයට

බ‍්‍රැන්ඩික්ස් දෙපිලම අවසන් මහ තරගයට

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වෙන සුපිරි ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගැනීමට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත් වී සිටිති.


මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල් පිරිමි කණ්ඩායම, සුපිරි ලීගයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේදී  රත්මලාන බ‍්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කණ්ඩායම, රිදිගම බ‍්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායම, කටුනායක මාස් ඇක්ටිව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් මානව ප‍්‍රාග්ධන විසඳුම් කණ්ඩායම පරාජය කළේය.


සුපිරි ලීගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා මිනුවන්ගොඩ ඉන්ටිමේට් ඇපරල් කාන්තා කණ්ඩායම විසින් බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම සහ මාවතගම මාස් කැෂුවල් වෙයාර් කණ්ඩායම් පරාජය කරන ලදි.


මීරිගම බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් සහ පොළොන්නරුව බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම් පිළිවෙලින් කාන්තා සුපිරි ලීගයේ සහ පිරිමි ශුරතාවලියේ තෙවන ස්ථාන දිනාගත්හ.
වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා වෙළෙඳ ආයතන රැුසක් නියෝජනය කරමින් කණ්ඩායම් 96 ක් සහභාගී වූහ.

 

 

-036

 


අදහස් (0)

බ‍්‍රැන්ඩික්ස් දෙපිලම අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.