Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම ආසියානු අනුශූරයෝ යුද හමුදාවට පරදිති

මධ්‍යම ආසියානු අනුශූරයෝ යුද හමුදාවට පරදිති

editorial - 2025 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩංගණයේදී නිමාවට පත්වූ සන්ක්වික් කුසලාන ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගමාලාවේ (2024) විවෘත කාණ්ඩයේ කාන්තා ශූරතාව නාවික හමුදාව විසින්ද, පිරිමි ශූරතාව යුද හමුදාව විසින්ද දිනා ගන්නා ලදී.

කාන්තා හා පිරිමි කාණ්ඩ හතරකින් පැවැති තරග මාලාව සඳහා කණ්ඩායම් 160 ක් සහභාගි වූහ. ඉන් බහුතරයක් පාසල් කණ්ඩායම් වූහ.

නොබෝදා මීගමුවේදී නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගමාලාවට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක්ද සිය ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ජාතික තරගාවලියට සභභාගි වූහ.

පිරිමි අවසන් මහ තරගයේදී මධ්‍යම ආසියානු (පිරිමි) අනුශූරතාව හිමි කර ගත් මලිත් ඩිල්ෂාන් හා දිලීප චාමිකගෙන් සමන්විත ගුවන් හමුදා කණ්ඩායම පරාජය කිරීමට එහිදී ශ්‍රී ලංකා අංක - 3 කණ්ඩායම නියෝජනය කළ නලීන් පෙරේරා හා මධූෂ වික්‍රමසිංහ ගෙන් සමන්විත යුද හමුදා - බී කණ්ඩායම සමත් විය.

කාන්තා විවෘත ශූරතාව දිනා ගත්තේ කසුනි තාරකා ලක්ෂානි හා දීපිකා බණ්ඩාරගෙන් සමන්විත නාවික හමුදා - ඒ කණ්ඩායමයි. ඔවුන් පැවැති මධ්‍යම ආසියානු ශූරතා තරගාවලියේ (කාන්තා) අනුශූරතාව ලද කණ්ඩායමයි. ඔවුන්ට පරාජය වූයේත් නාවික හමුදාවේම බී කණ්ඩායමයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සී.ඩබ්ලිව්. මැකී ආයතනයේ සන්ක්වික් සන්නාමය අනුග්‍රහය යටතේ දින තුනක් පුරා මීගමුවේදී පැවැති තරගමාලාවේ සියලු කාණ්ඩයන්හි සිවුවැනි ස්ථානය දක්වා රුපියල් 50000 සිට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණි.

 

අවසන් මහ තරග ප්‍රතිපල

වයස 18 න් පහළ කාණ්ඩය

• බාලිකා :

බිතුලින්ක් කණ්ඩායම (ජිනේෂි මධුෂානි - හර්ෂනී නිසංසලා) විසින් වට 2 - 1 කින් (17/21 - 21/14 - 15/12) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : -හුංගම විජයබා විදුහල (නුවංගි අප්සරා - සවිද්‍යා ඉන්දුවරී)

• බාලක : - මීගමුව ලොයෙලා විදුහල (රෂ්මික ප්‍රනාන්දු - සුබෝධ ගිම්හාන්) විසින් වට 2 - 1 කින් ( 21/14 - 12/21 - 15/08) නාත්තන්ඩිය ජනාධිපති විදුහල (මිහිදු ලක්ෂාන් - අවිෂ්ක කුමාර) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : -පන්නල ජාතික පාසල (ගිසෙත් නෙත්සර - සී. එස්. සෝමරත්න)

 

වයස 21 න් පහළ කාණ්ඩය

• බාලිකා : -හුංගම විජයබා ක්‍රීඩා සමාජය (තුරුෂි යසාරා - හිරුණි ප්‍රබෝධා) විසින් වට 2 - 0 කින් (21/13 - 21/15)සංඝමිත්තා ක්‍රීඩා සමාජය (මලිති කාව්‍යා - විහාරා ශමින්දි) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : - සගා ක්‍රීඩා සමාජය (දිල්කි නෙත්සරා - ගීත්මා හංසනී)

• බාලක : - ගුවන් හමුදා කණ්ඩායම (උදයංග ප්‍රනාන්දු - හේෂාන් ප්‍රනාන්දු ) විසින් වට 2 - 0 කින් ( 21/13 - 21/18) ශාන්ත මේරි විදුහල (එම්. ජේ. එම්. ජරීර් - ඒ. එන්. නස් රාන්) පරාජය කරන ලදී

• තෙවැනි ස්ථානය : - මීගමුව යූත් ක්‍රීඩා සමාජය (මහේෂික ප්‍රනාන්දු - මංජුල නිසල්)

 

වයස 25 න් ඉහළ කාණ්ඩය

• කාන්තා : -මාස් කැෂුවලයින් ක්‍රීඩා සමාජය (ටී. එම්. හේරත් - ආර්. එන් ධනංජනී) විසින් වට 2 - 0 කින් (21/13 - 21/ 13) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (සුරේඛා දිල්ෂානී -සෂිනී මල්ෂානී) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : -මාස් කැෂුවලයින් - ඒ කණ්ඩායම ( කේ.ඒ.යූ. ශ්‍රීමාලී - ඒ. එන්. ප්‍රියමාලී)

• පිරිමි : -ගුවන් හමුදා කණ්ඩායම (සදුන් බන්ඩාර - මෙල්ක හේෂාන්) විසින් වට 2 - 1 කින් (21/14 - 22/24 - 15/13) මීගමුව යූත් ක්‍රීඩා සමාජය (එම්. එන්. අන්ෆාස් - ඪිල්ෂාන් අධිකාරී) පරාජය කරන ලදී

• තෙවැනි ස්ථානය : -යුද හමුදා කණ්ඩායම (එස්. රාමන් - ජී.කේ.කේ. ගිම්හාන්)

 

විවෘත කාන්ඩය

• කාන්තා : - නාවික හමුදා - ඒ කණ්ඩායම (කසුනී තාරකා ලක්ෂානි - දීපිකා බන්ඩාර) විසින් වට 2 - 0 කින් (21/17 - 21/17) නාවික හමුදා - බී කණ්ඩායම (ඩබ්. එස්. අසංගා - ඩී. එම්. කේ. කේ. දිසානායක) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : -ගුවන් හමුදා කණ්ඩායම (ජේ.ඩබ්.පී. තුෂාරී -ජේ. ඩී. ප්‍රසාදිනී)

• පිරිමි : - යුද හමුදා - බී කණ්ඩායම (නලීන් පෙරේරා - මධූෂ වික්‍රමසිංහ) විසින් වට 2 - 0 කින් (21/15 - 21/16) ගුවන් හමුදා කණ්ඩායම (මලිත් ඩිල්ෂාන් - දිලීප චාමික ) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : - යුද හමුදා - ඒ කණ්ඩායම (සදුන් මධුශංක - අංජන සංදීපන)


අදහස් (0)

මධ්‍යම ආසියානු අනුශූරයෝ යුද හමුදාවට පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.