Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වෙමින් සිටි ශ්රී ලංකා ක්රීඩකයන්ගේ තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඩිල්ෂාන් මධුශංකත් එක්වී සිටී. සංචිතයට ඇතුළත් ක්රීඩකයන් 16 දෙනා අතරේ සිටි වමතින් වේග පන්දු යවන්නා වූ ඩිල්ෂාන් මධුශංකට, ඇලපතේ ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.
මධුශංක වෙනුවට තවත් වමත් වේග පන්දු යවන්නකු වන බිනුර ප්රනාන්දු ශ්රී ලංකා සංචිතයට කැඳවා තිබේ.
ආසියානු කුසලාන තරගාවලියට සූදානම් වෙමින් සිටි වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර තිදෙනාටම එල්.පී.එල්. තරගාවලියේදී ඇතිවූ ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
මේ අතර කොරෝනා වයිරසයේ නවතම ප්රභේදයක අසාදනයට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා, තවත් දින දෙකකින් පුහණුවීම් සඳහා ශ්රී ලංකා කණ්ඩායමට එක්වන බවද ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.